උකුවෙළ ප්‍රාදේශිය සභා ලේකම් අද උදේ රාජකාරියට පැමිණෙද්දී ඔහුගේ පුටුවේ පොල්පිත්තක් බැඳ තිබුණැයි ප්‍රාදේශීය සභා ආරංචි කියයි.
ප්‍රාදේශිය සභා නිලධාරීන්ගේ කඹ ඇදීම සහ පරිපාලන කටයුතු අඩාල වී ඇති නිසා තමන් මෙම ක්‍රියාව කළේයැයි ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) ජයන්ත මුණවීර මහතා කියයි.
මෙවැනි පුවත් මාධ්‍යයේ පළකර ප්‍රශ්න ඇති නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රී කාංචන රත්නසුරිය මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උකුවෙළ ප්‍රා.සභා ලේකම්ගේ පුටුවේ පොල් පිත්තක් බැදලා
මදූ Wednesday, 24 April 2013 02:29 PM
දිය වන්නාවේ පැත්තෙත් පුටු ටිකක් තියනවා පොල් පිති බදින්න .(නදී)
බණ්ඩාර Wednesday, 24 April 2013 02:30 PM
ඔහුගේ සේවය මෙකෙන් පෙනෙනවා. කවුරු කළත් නියම වැඩක්.(නදී)
රූපවතී Thursday, 25 April 2013 09:58 AM
අපි ජනතාවක් හැටියට තරයේ අදිටන් කරගනිමු මින් පසුවවත් දේශපාලන පොල්පිති කාටවත් ඡන්දය නොදී ඉන්න. අපි බලමු එහෙමහරි අපේ දරු පැටවුන්ට රටක් ඉතිරි කරන්න. (නි)
ලලිත් Wednesday, 24 April 2013 03:06 PM
දේශපාලකයන්ගෙයි පොල්පිත්තෙයි වෙනස තියෙන්නේ පොල්පිත්තට පන නැති එක විතරයි. ක්‍රියාවෙන් දෙකම එකයි.(නදී)
රකිත් Wednesday, 24 April 2013 11:02 AM
ජර මර අස්සේ බර කරත්ත කිවුවලු... (නි)
උපුල් Wednesday, 24 April 2013 11:11 AM
ඇයි අනේ තණකොළ ටිකක්? (නි)
සම්පත් Wednesday, 24 April 2013 11:12 AM
ඔව් ඉතින් දේශපාලඥයො නම් පොල්පිත්තකිනුත් කපා ගන්න පුළුවන්. (නි)
නුවනි Wednesday, 24 April 2013 11:17 AM
පොල්පිත්තක් බැදලා මදි (නි)
උදය Wednesday, 24 April 2013 11:20 AM
හරියට වැඩක් නොකරනවා නම් පොල්පිති නෙමෙයි, පඹයෙක් තිබ්බත් වරදක් නැහැ (නි)
අජිත් Wednesday, 24 April 2013 04:00 PM
පාර්ලිමේන්තුවේ පුටුවලටත් පොල්පිති බැන්දට වරදක් නැහැ කියල විදුලි බිලේ විවාදය දැක්කට පස්සේ අනේ මටත් හිතුනා. (නදී)
හේරත් Wednesday, 24 April 2013 10:53 PM
කොල්ලෝ ඔය පොල් පිත්ත අරන් වරකෝ ලිපට දාන්න. ලයිට් බිලත් ගණන් ගිය කාලේ..... (නි)
වරුණ Wednesday, 24 April 2013 11:39 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඒ කියන්නේ ඒ වගේ නිලදාරීන් පොල්පිත්තට සමාන කරලාද? (නි)
කමල් Wednesday, 24 April 2013 11:55 AM
අපිටත් සමහර විට පොල්පිතිතුමා හොදයි කියලා හිතෙන වෙලාවන් තියනවා!(නදී)
දයා අලහකෝන් Wednesday, 24 April 2013 11:55 AM
පොල් පිත්තක් ගන්නේ කාට ගහන්නද? (නදී)
චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:10 PM
දේශපාලනේ පොල්පිති නේන්නම් හෑමතෑනම ඉන්නේ අලුතින් මොනවට බඳිනවද?(නදී)
බන්දුල Thursday, 25 April 2013 02:46 AM
ඔය පුටුවේ පොල්පිත්තක් වගේ හිටියත් කාලසීමාව ඉවරවෙනකොට හොද සරු පොල්ගහක් වෙලා තමයි යන්නේ. (නි)
රුවිනි Thursday, 25 April 2013 05:28 AM
පොල්පිති බැදලවත් ඔය අය හදන්න බැහැ. ඒ ය පත් කෙරපු අපිටයි පොලොප්තිතෙන් ගහන්න ඔනී.(නදී)
අචිනි Wednesday, 24 April 2013 12:46 PM
ලොකු ලොකු පුටුවලත් පොල් පිති බදින්න ඕනෑ (නි)
ගාමිණී Wednesday, 24 April 2013 12:49 PM
ප්‍රාදේශීය සභා,පළාත් සභා , දිස්ත්‍රික්, අමාත්‍යංශ ලේකම්ලාගෙන් වැඩි දෙනෙක්ම වැඩක් කරනවට වැඩිය නොකරන පොල්පිත්තොම තමයි. (නි)
වසන්ත Wednesday, 24 April 2013 12:53 PM
මෙන්න නියම පිළිගැනීමක් (නි)
මනෝ Wednesday, 24 April 2013 01:12 PM
අර පාර්ලිමන්තුවේත් තියෙනවා පුටුවක්. අන්න ඒකෙත් පොල්පිත්තක් තියන්න බැරිද? පුළුවන් නම් මම පුටුව මොකක්ද කියලා කියන්නම්. (නි)
පිටිගල මිලානෝ Wednesday, 24 April 2013 07:59 PM
පොල් පිත්තක් නෙවෙයි, අද කාලේ ඉන්න සමහරුන්ට 'අං තට්ටුවක්' තමයි බදින්න වෙන්නේ. (නි)