IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුද්ධය අරඹා දින 60 කට පසුව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරය ඊශ්‍රායල හමුදා වටලා ඇතැයි එම හමුදාවේ ප්‍රධානියකු වන ලුතිනන් ජනරාල් හර්සි හෙල්වි ප්‍රකාශ කළේය.

උතුරු ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලකොටු සාර්ථකව විනාශ කර දැමූ බවත් මේ වනවිට දකුණු ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලකොටුවලට ඊශ්‍රායල හමුදා සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ලුතිනන් ජනරාල් හෙල්වි පැවැසුවේය.තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් පසු නැවත මෙහෙයුම් සාර්ථකව ආරම්භ කිරීමට ඊශ්‍රායල හමුදාවට හැකියාව නොලැබෙතැයි ඇතැම් පාර්ශ්ව විශ්වාස කළ බව ජනරාල් හෙල්වි පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ඉදිරි සතිය තුළ රෆා නගරයට තවත් මිලියනයක පමණ පලස්තීන ජනතාවක් සරණාගතයන් ලෙස පැමිණෙතැයි අපේක්ෂා කරන බව පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළේය.මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ නිවාස 305000 ක් විනාශ වී ඇති බවත් ඉන් 52000 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ගාසා තීරය පාලනය කරනු ලබන හමාස් රජය පැවැසුවේය.

මේ වන විට ඊශ්‍රායල හමුදා ප්‍රාහාර හේතුවෙන් පලස්තීන ජනතාව 16280 ක් මියගොස් ඇති බවත් තවත් ඉන් 7112 ක් ළමුන් බවත් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළේය.පලස්තීනුවන් 3580 ක් ඊශ්‍රායල හමුදා අත් අඩංගුවට පත්ව ඇති බවත් මිලියන 1.1 ජනතාවක් අවතැන් වී ඇති බවත් පලස්තීන බලධාරීන් පැවැසුවේය.

ගාසා තීරයේ සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දෙන බවත් ගාසා තීරය යුද මුක්ත කලාපයක් කළ හැක්කේ ඊශ්‍රායල හමුදාවට පමණක් බවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.යුද්ධයෙන් පසුව ගාසා තීරය නිරායුද කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාලනය තබා ගත යුතු බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේය.

 



අදහස් (5)

ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි

ලුම්බිණි Wednesday, 06 December 2023 09:15 AM

මිනිසුන් මරා දමා පලස්තීන ප්‍රශ්න විසඳිය නොහැක.

:       19       16

පියනන්ද Wednesday, 06 December 2023 02:09 PM

ලුම්බිණි වැනි අයටත් ත්‍රස්තවාදීන් සහ සාමකාමී මිනිසුන් අතර ඇති වෙනස වැටහේවා! ත්‍රස්තවාදියා වැනසිය යුතුමයි. අන්තවාදී ආගමික හිංසනයට තිත තැබිය යුතුමයි...

:       0       11

samanWednesday, 06 December 2023 02:57 PM

ඔව්, පියනන්ද, අපි ඊශ්‍රායලය ලෝකෙන් තුරන් කරන්න ඕනෑ.

:       7       1

IshanThursday, 07 December 2023 12:14 AM

කවුද බන් ඊශ්‍රායලය ලෝකෙන් තුරන් කරන්න හදන ''අපි'',,,,, මේ හිගන ලංකාවෙ චන්ඩි පැටව් ටික අන්න උඹලගෙ රට උඹලම පත් කරපු දේශපාලකයො විසින් තුරන් කරගෙන යනවා, මුලින්ම ඒ ගැන බලපල්ලා

:       0       1

saman Wednesday, 06 December 2023 02:56 PM

එහෙ මැරෙන පොඩි ළමයි පේන්නේ නැහැ. මේ කියන අය ඔවුන් කියන බොරු කිය කිය ඉන්න. කාලකණ්ණි...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site