IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ සිටින පිරිසක් කඩිනමින් ලංකාවට ගෙන එන්නැයි ඉල්ලිමක්

 

(තිළිණි ද සිල්වා)

රැකියා වීසා බලපත්‍රයේ වලංගු  කාලය ඉක්ම වුවද, පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඊශ්‍රාලයේ සාත්තු සේවයේ සහ හෝටල් සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු  ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

වසංගත තත්ත්වය හේතුවෙන් එලෙස වීසා කාලය ඉක්මවූ විදෙස් ශ්‍රමිකයින් සදහා එරටින් පිටවීමට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා සහන කාලයක් ලබා දී ඇති අතර , මේ කාලය ඉක්මවීමට මත්තෙන් මෙම පිරිස ගෙන්වා නොගතහොත් ඊශ්‍රායල් ආගමන විගමන නීතී රීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත් වීමේ අවදානමක් පවතින බැවින් තමන්ව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නැයි මෙම පිරිස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර දුන් ලිපියෙන් ඉල්ලා සිටිති.

මෙම ලාංකිකයින් පිරිස මේවන විට වීසා කාලය අවසන්වීම හේතු කොට ගෙන මුදල් නොමැතිව , විවිධ දුෂ්කරතා මැද ඊශ්‍රාලයේ රැදී සිටින පිරිසක් බවද එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

තවද සාත්තු සේවයේ නිරතව සිටියදී දැනට රැකියා වීසා කාලය ඉක්මවා සිටින ලාංකික ශ්‍රමිකයින් නොගෙන්වුවහොත්  අත්අඩංගුවට පත් වීම සේම , එම සේවය අවසන් කිරීමේදී ලැබෙන පාරිතෝෂික දීමනා පවා අහිමි වී ය හැකි බවද එම ලාංකිකයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙන්වා දේ.

මෙම ලාංකිකයින් 64 දෙනා වසර ගණනාවක් තිස්සේ රටට විදේශ විනමය ගෙනා පිරිසක් වන අතර ඔවුන් අතර රෝගී තත්ත්වයේ පසුවන්නන් සිටින බැවින් ,පවතින අවදානම් තත්ත්වය සලකා දෙසැම්බර් 31 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයිද එම ලංකික ශ්‍රමිකයින් පිරිස ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

එබැවින් මෙම ලාංකිකයින් ගේ ගැටලු ගැන සානුකම්පිත වෙමින් දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයක් ලබා දෙන්නැයිද ත මෙම ලාංකිකයින් පිරිස ජනාධිපතිවරයා වෙත හා විදේශ අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

 



අදහස් (2)

ඊශ්‍රායලයේ සිටින පිරිසක් කඩිනමින් ලංකාවට ගෙන එන්නැයි ඉල්ලිමක්

ශාන්ති පුශ්ප කුමරි Sunday, 29 November 2020 07:07 PM

පිස්සු , හිරේ දාන් නැහැ ටිකට් එක දීලා ලංකාවට එවනවා.

:       0       0

sam Monday, 30 November 2020 03:28 AM

මට දුක අපේ ජනාධිපතිතුමාට තියන කරදර මදිවාට... නැති කරදරත් එනවා.. පව් අනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1102 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site