ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ‘ජී7’ රටවල් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ අනතුරු ඇගවූයේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දක්වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇගවා ඇත.
ඉරානයෙන් හෝ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඊශ්‍රායලයට අද පහර දෙනවා
BBC Monday, 05 August 2024 12:06 PM
කුමේනි අත්තප්පාට ඉක්මනින්ම දෙවියන් දැකීමට ලැබේවා!
Vijesh Monday, 05 August 2024 02:16 PM
ත්‍රස්තවාදීන්ට නවාතැන් දීලා මැරුවාම එයාම පහර දෙනවා.
Gamma Monday, 05 August 2024 02:18 PM
පහර දීමෙන් හානියක් වුවොත් ... ප්‍රති ප්‍රහාරය ඉතාමත් දරුණු වෙන එක සිකුරුයි... මොකද යුද ශක්තිය පෙන්වීමට මේක හොඳ අවස්ථාවක් කරගන්නවා.
Ariyathilaka Monday, 05 August 2024 04:27 PM
ඇමෙරිකන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව හිස්බුල්ලා සංවිධානය මෙවර ඊශ්‍රායලයට පහර දීම බොහෝ දුරට නොවීමේ සම්භාවිතාව වැඩියි. ඊශ්‍රායලය ගාසා තීරයෙහි ප්‍රහාර ඇරැඹි දින සිට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සංවිධාන ද විශේෂයෙන් ඉරානය ද ඊශ්‍රායලයට පහර දී විනාශ කරන බවට තර්ජනය කළ ද ගාසා තීරයෙහි හමාස්වරු අන්තිම අඩියෙහි පණ අදින තත්වයට සහ ගාසාව විනාශ කරන තුරු හිස්බුල්ලා හෝ හවුතිවරු හෝ ඉරානය හෝ ඊශ්‍රායලයට පහර නුදුන්හ. හිස්බුල්ලා කීපවරක් උතුරු දිග ඊශ්‍රායලයට පහර දුන්නක්ද එය ඊශ්‍රායලයේ ක්‍රියාවට ප්‍රමාණාත්මක බවක් එම පහර දීම්වල දක්නට නො ලැබිණි. තර්ජන, ගර්ජන කළා මිස ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරවලට එය බලපෑමක් කිරීමට තරම් කිසිම දෙයක් කිරීමට ඔවුහු සමත් නොවූහ. විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ හිස්බුල්ලා සතු බව ඇමරිකානු CIA බුද්ධි අංශ කියා ඇත. ඉරානයේ සහය ද ඇත. කුමන තත්වයක් යටතේ වුව ද හිස්බුල්ලා හෝ ඉරානය මේ අවස්ථාවේ ඊශ්‍රායලයට පහර දුනහොත් ඇමරිකාව සහ ඇමරිකානු හිතවාදී බටහිර රටවල සෘජු ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදුවන බව නිසැකයි.
Ariyathilaka Monday, 05 August 2024 04:28 PM
ගැටුමක් සාදා නො ගැනීමට පරිස්සම් වනවා ඇත. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන විට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සහ ඉරානය කිවූ දෑ ක්‍රියාවෙන් නැත. හේතුව ඔවුන්ගේ යුද බලය අනතුරේ හෙළා ගැනීමට සිදුවන බව දන්නා බැවිනි. ඉරානය න්‍යෂ්ටික ක්‍රියා බලගන්වන ස්ථාන ද ඉරානයට අහිමි වනවා ඇත.