(ඩයනා උදයංගනී)
මෙරට දරුවන් හා මව්වරුන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එවැනි පෝෂණ අතිරේකයක් දරුවන්ට ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව ද ඇමතිවරයා කීය.
මේ සඳහා අවශ්‍ය උපරිම ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කරන බවද ඔහු සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ ත්‍රිපෝෂ සම්බන්ධයෙන් පසුගිය දිනවල පළවූ වාර්තා පිළිබඳව කරුණු සොයා බලා සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීය.
ත්‍රිපෝෂ සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී රජයට අමතරව පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන ද එකඟවී ඇතැයි අමාත්‍යවරයා කීය.
රට තුළ ත්‍රිපෝෂ වැඩසටහනේ කිසිදු කඩා කඩාවැටීමක් නොමැති බවත්, ආහාර උද්ධමනයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉහළ ගුණාත්මයෙන් යුත් ත්‍රිපෝෂ අඛණ්ඩව ලබාදෙනවා
විපරමා Saturday, 01 October 2022 02:11 PM
කටින් බතල හිටවනවා මිසක් හරියට වැඩක් කරලා තියෙනවාද?