IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ)

ඉහළ කොත්මලේ ජලාශයට වැටී අතුරුදහන් වී  සිටි වයස අවුරුදු හතරක කුඩා දරුවාගේ මළසිරුර ජලාශය පතුලේ සිරවී තිබිය  දී අද (17) දහවල් සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

අවුරුදු හතරක කුඩා ළමයෙකු ද සමඟ මවක් තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට ඊයේ (16) සවස වැටී ඇති අතර, එහෙදී දියේ ගිලීමෙන් මෙම කුඩා දරුවා අතුරුදහන් වී සිටි බව පොලිසිය පවසයි.

අවාසනාවන්ත ලෙස මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, දෙව්සිරිපුර, ප්රෂදේශයේ පදිංචිව සිටි ධනුෂන් නැමති කුඩා පිරිමි ළමයෙකු බව පොලිසිය කියයි.

තලවකැලේ පොලිසියේ නිලධාරීන්, ඉහළ කොත්මලා ජලාශය භාර  නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ජලාශය පතුලේ මඩේ රැඳී තිබූ දරුවාගේ සිරුර සොයා ගැනීමට පියවර ගෙන තිබිණි.

කුඩා දරුවාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

(ඡායාරූප : ශාන්ත චන්ද්ර සිරි හුලංනුගේ සහ රංජිත් රාජපක්ෂ) 



අදහස් (0)

ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site