IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉහළම සන්නාම දෙකක සුසංයෝජනයක්

ශී‍්‍ර ලංකාවේ ඉහළම අළෙවි වටිනාකමක් සහිත සන්නාමය ලෙසින් සැලකෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් තවත් ඉහළම වටිනාකමක් ඇති සන්නාමයක් වන ඩයලොග් සමාගමත් ගිවිසුමකට එළැඹ සිටිති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයන් ලෙස ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ඇතිකරගන්නා ලද නවතම ගිවිසුමේ කාලය වසර 3 කි.

මෙම ගිවිසුම යටතේ ශී‍්‍ර ලංකාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක සඳහාම ඩයලොග් අනුග‍්‍රහය හිමි වන අතර ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ටෙස්ට්, එක් දින තරග සහ විස්සයි/20 තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල ඇගළුම් සියල්ල ඩයලොග් ලාංඡනයෙන් අලංකාර කෙරෙනු ඇත.

ශ‍්‍රී ලාංකික ජනතාව විසින් දෙවන වරටත් වසරේ විශිෂ්ටතම සන්නිවේදන සේවා සැපයුම්කරුවා ලෙසින් ‘ස්ලිම්-නීල්සන්’ සම්මාන උළෙලේදී සම්මාන ලද ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ගිවිසුම ජුනි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වේ.

”ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සඳහා අනුග‍්‍රාහකත්වය දෙමින් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමග අත්වැල් බැඳගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා” යයි මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ ඩයලොග් ආසිආටා සමුහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පැවසීය.

ඩයලොග් සන්නාමය සහිතව නිර්මාණය කළ ඇඳුම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත සංකේත වශයෙන් බාරදෙමින් ‘ඩයලොග්’ සහ ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්’ අතර මෙම එකඟතා ගිවිසුම ප‍්‍රකාශයට පත්කරන ලදී.

ශ‍්‍රී ලංකාවේ පිරිමි හා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් සඳහා ඩයලොග් සමාගමේ අනුග‍්‍රහය නිසා ලැබෙන සවියෙන් මේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නව යුගයක් උදා වන බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ශී‍්‍ර ලංකාවේ සිව් දෙස සිටින ක‍්‍රීඩා ලෝලීන් වෙත අභිමානයෙන් යුක්තව ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගෙන යාම අපේ බලාපොරොත්තුවයි” යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මේලනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.

ඩයලොග් ආයතනය ජාතික ක‍්‍රිකට් කණ්ඩායම සදහා අවසන් වරට අනුග‍්‍රහය දැක්වූයේ 2009 වසරේදීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික විස්සයි/20 තරග වලදී ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමි කරගෙන සිටින අතර එක්දින අන්තර්ජාතික තරග වලදී ශ්‍රේණිගත 5 වැනි ස්ථානයද ටෙස්ට් තරග වලදී ශ්‍රේණිගත 6 වැනි ස්ථානයද ලබා සිටී.

 

 

 

 

 

 

 

 

 

 


 

 

ඩයලොග් සන්නාමය සහිතව නිර්මාණය කළ ඇඳුමෙන් සැරසුනු ශ‍්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි/20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් සුබපැතුම්...මෙම අවස්ථාව සහභාගි වූ ඩයලොග් ආසිආටා ආයතනයේ අළෙවි හා වෙළඳ සන්නාම නිලධාරිනි අමලි නානායක්කාර මහත්මිය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාද ඡයාරූපයේ සිටිති.

 



අදහස් (0)

ඉහළම සන්නාම දෙකක සුසංයෝජනයක්

විශ්ව Saturday, 08 June 2013 09:58 PM

මේ ලෝගෝ එකත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩිජිටල් ලෝගෝ එකත් එක හා සමාන බවක් ගන්නවා කෙසේ නමුත් ඩයලොග් ආයතනයේ අනුග්‍රහයට අපේ උත්තමාචාරය.(නදී)

:       0       0

සංජු Sunday, 09 June 2013 06:46 AM

එක්දින අන්තර්ජාතික තරග වලදී ශ්‍රේණිගත පළමු තැනත් , ටෙස්ට් තරග වලදී ශ්‍රේණිගත පළමු තැනත් අපේ දක්ෂයන්ට ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site