(අංජුල මහික වීරරත්න)
ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරන බවද ජනාධිපතිවරයා කීය.සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වෙති.
මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වෙයි. ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය යි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමුහිකත්වය කේන්ද්‍ර කොටගෙනය. ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය.
අලුත් අවුරුද්ද අපට පෙන්වා දෙන මේ වැදගත් කරුණ පිළිබඳව මේ අවස්ථාවේ අවධාරණය කිරීම වඩාත් සුදුසු යැයි සිතමි.
අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය යි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉස්සරහට යන්න පුළුවන් අලුත් වුනොත් විතරයි
ranjith Sunday, 14 April 2024 09:14 AM
ඉස්සරහට යන්න අලුත් කට්ටියක් එක්ක පමණයි. පරණ කට්ටිය එක්ක දශක ගාණක් ගිහින් තියෙන්නේ පස්සට..
Chandrika Sunday, 14 April 2024 09:27 AM
හොරකම් කරන විදිහත් අලුත් වෙනවද?
ජනක Sunday, 14 April 2024 09:32 AM
අපි පරණ හම්පඩ හොරු අතඇරලා අලුත් ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ...
nalaka Sunday, 14 April 2024 09:56 AM
අනිවා ... නාකින් එළවන්නම ඕනේ...
නිහාල් Sunday, 14 April 2024 09:57 AM
ජනතාව නම් අලුත්... ඔයා 78ක පරණ මිනිහෙක්...
C.K.Lankaputhra Sunday, 14 April 2024 10:57 AM
පරණ යල් පැනගිය අයට රට හදන්න බැහැ කියලා ඒ අය විසින්ම ඔප්පු කරලා හමාරයි. අලුතෙන් හිතන, අලුත් අය තමයි දැන් රටට අවශ්‍ය. ඒ අය දැන් පෙරමුනේ. අපේ ඡන්දය ඒ අයටයි...
Hafeel Sunday, 14 April 2024 01:52 PM
මේ 70 පැනපු කල් ඉකුත්වූ නාක්කියත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ?
Sumana Sunday, 14 April 2024 03:25 PM
ඔබ හරි .ඒක තමයි අපි මාලිමාවට චන්දෙ දෙන්නේ . රටම අලුත් කරන්න
Nimal Sunday, 14 April 2024 07:35 PM
අපේ පාලකයිනුත් ළඟදීම අලුත් වෙයි .දැන් සිටිනා වැඩ බැරි ටාසන්ලා සහ කඹ හොරු වෙනුවට අලුත් පාලකයින් ලැබෙයි .ජනතාවගේ අලුත් අවුරුදු පැතුම එයයි
විදුර Sunday, 14 April 2024 10:16 PM
ඒක තමා පරණ ඒවා ඕනම නෑ.
පිටරටවැසියා Monday, 15 April 2024 01:05 PM
සහතික ඇත්ත. රටට ඉස්සරහට යන්න පුළුවන් රාජ්‍ය පාලනයත් අලුත්ම-අලුත් වුනොත් විතරමයි...දැන් ඉන්න 226ම සියල්ලම නාකි-ලොන්තපොල්, අඥාන, දුෂිත, තක්කඩි හොරුන් ...