IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි

( ඔගස්ටින් ප්‍රනාන්දු)  

ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු  හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.

අඹකදවිල වැලිහේන කළපු රක්ෂිතයේ බෝට්ටු තොටුපළට ආසන්නයේ සාර්ථක කඩොලාන වගාවක් පවතින අතර ඊට ආසන්නයේ සමහර පෞද්ගලික ඉඩම් වල සමහර ව්‍යාපාරිකයින් කාලෙක සිට ඉස්සන් පොකුණු පවත්වා ගෙන යමින් ඉස්සන් වගාව සිදු කරති.

ඔවුන් තම ඉස්සන් පොකුණු සදහා නිසි බලධාරින් වෙතින් අවශ්‍යය අවසර පත්‍ර  ලබා ගෙන ඇති බවත් කියති.

පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් වනමි නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉස්සන් වනවගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත්  අලුතින් පොකුණු සකස් කර බවත් ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම නිසාය .

එහෙත් පසුගිය මහා මැතිවරණයේ උණුසුම පහව යාමත් සමගම නව ආණ්ඩුවක් පත්කිරිමට සක්‍රිය දායකත්වය ලබා දි ඇති කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව  ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.

දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව කර ගෙන යන බවත් කියති. ඒ  ආසන්නයේ පිහිටි තම ඉස්සන් පොකුණු සදහා අවශ්‍යය අමතර පොකුණු සකස් කර ගැනීමට මෙම වන විනාශය සිදු කරන බවත් කියති.ඊට එරෙහි වන අයට යම්  තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිතව දැනුම් දුන් බවත්  ඔවුහු කියති.

 මේ සම්බන්ධයෙන් හලාවත අඩවි වන නිලධාරි ආර්.ඒ.සී.ඩි. රණසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙස් කීය.

වැලිහේනේ කළපු රක්ෂිතයේ සිදු කෙරෙන බව කියන කඩොලාන ශාඛ විනාශයක්  ගැන  ‍මේ දක්වා මා දැනුවත් කර නැහැ. කිසිම අයෙකුට කිසිම ආකාරයට  කළපු රක්ෂිතයක ඇති කඩොලාන කපා ඉවත් කිරිමට හෝ වෙනත් කිසිම කාර්යයක් කිරිමට කිසිදු අවසරයක් ලබා දෙන්නේ  නැහැ. අපි වහාම වැලිහේනේ  සිදු කරන බව කියන කඩොලාන විනාශය ගැන සොයා බලන්නම්. එසේ වැරදි කර ඇති අයට අපි නිත්‍යනූකුලව පියවර ගන්නවා. 



අදහස් (18)

ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි

Perera Thursday, 03 September 2020 05:48 AM

ඔක්සිජනුත් එපා, පරිසරයත් එපා 2/3 තියෙනවා ඒ ඇති.

:       456       729

බද්රානි Thursday, 03 September 2020 06:21 AM

ඉතින් ඕවා විනාශ කරන්න නේන්නම් පුත්තලමේ අය එකතු වෙලා පත්කර ගත්තේ? දැන් ඉතින් නාහෙන් අඬල පලක් නැහැ.

:       341       733

ලුම්බිණි Thursday, 03 September 2020 06:56 AM

පාලකයෝ වැරදි වලට අනුබල දෙන කොට මෙහෙම දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

:       1071       1281

ana Thursday, 03 September 2020 07:03 AM

මේ පරිසරවේදියෝ වන ජීවි පණ්ඩිතයෝ රටේ සංවර්ධනයට බාධා කරන නිසා තමයි 2/3 අර ගත්තේ. පොලිසියේ ඔය විගණන එකේ ඉන්නවා කරදර කාරයෝ ටිකක්. ඒ අය දැන ගන්න ඕන මහජන මතය, බහුතරය ඉන්නේ කැලෑ විනාශ කිරීමට පක්ෂව බව. තව භූ විද්‍යා එකේ සංවර්දනයට අවශ්‍ය වැලි ගොඩ දානවාට විරුද්ධයි. මේ අය සේරම පුරුදු වෙන්න ඕන බහුතර මතයට ගරු කරන්න.

:       547       571

Champa Thursday, 03 September 2020 07:31 AM

හරිම කණගාටුවක් දැනෙනවා මේවා දකින කොට... ලංකාව විනාශ කරන තරමක් විනාශ කලේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන්. පළවෙනි වැරැද්ද පාලකයින්ගේ... පාලකයින් පරිසරයේ වටිනාකම දන්නේ නැත්නම් ඔවුන්ගේ අන්තේවාසිකයන් දනියිද? කඩොලාන ගැන මීට කලිනුත් ලියලා තියෙනවා. කඩොලාන අනිත් ගස් වලටත් වඩා ආරක්ෂා කරගන්න ඕනේ... හේතුව කඩොලාන ගස්වලට අනිත් ගස් වගේ දහගුණයක ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන රඳවා ගෙන ඉන්න පුළුවන් නිසා. මේ නිසා අවට පරිසරය පිරිසුදු වෙනවා. සිහිලසක් දැනෙනවා. අනිත් අතට කඩොලාන නිසා වෙරළ ඛාදනයත් වළකිනවා.

:       23       434

de silva Thursday, 03 September 2020 07:55 AM

බිම් මට්ටමේ නියෝජනය කරන දේශපාලකයන්ගෙන් 75% වැලි, පස්, වෙනත් ජාවාරම් කරන පුද්ගලයන්.

:       0       49

Athula Thursday, 03 September 2020 07:57 AM

ගෝඨාභය ට රට ගැන කිසිම දැක්මක් හෝ හැඟිිමක් නැතිබව මනාව ඔප්පු කරනවා.

:       97       192

jonana Thursday, 03 September 2020 09:12 AM

කස පුපුරන හඬ ළඟ ලඟම...

:       0       193

nalin Thursday, 03 September 2020 09:33 AM

ඔක්සිජන් එපා කියන ඇමතියාට පරිසරයත් එක්ක තියෙන්නේ පුදුම අවුලක්.... නොදකින් විතරක්!!! කට්ටිය එකතු වෙලා මේ පරිසර පාලුවාව එව්වෙ වැඩිම මනාපෙන්නේ... අනික මේ ආණ්ඩුවට 2/3 තියෙනවනේ... ඉතින් ඔවුන්ට ඕනේ විධියට ඔවුන් පරිසරය ගැන බලන්නේ නැතිව තමන්ගේ හෙන්චයියලාට ඕනේ දේවල් කරන්න දෙනවා. අනේ මට නම් මේව දැකලා දැකලා ඇති වෙලා දැන්... අර නාමල්කාරයා ජනාධිපති වෙන්න කලින් මොකක් හරි රටකට පනින්න බලන්න ඕනේ...

:       3       377

JANAHITHA Thursday, 03 September 2020 09:33 AM

අවාසනාවට සමාජ විරෝධී වැඩකරන පස් ජාවාරම් කරුවන්, අපරාධකරුවන් බොහෝමයක්...බහුතර ජනතාවගේ පක්ෂ, පාට එක්වී සිටිනවා.. මීට පෙරත් එසේමය. ඉතාමත් අසාර්ථක කැබිනට් මණ්ඩලයක් පත්වී ඇත.

:       0       54

janabala asamagi Thursday, 03 September 2020 09:34 AM

ඉඟුරු දී මිරිස් ගත්තාවත්ද අපි..?

:       137       361

janabala asamagi Thursday, 03 September 2020 09:36 AM

මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

:       148       311

SISIRA Thursday, 03 September 2020 11:21 AM

පුත්තලම කිව්වම මතක්වෙන්නේම බූරුවෝනේ... ඒ කතාව ඇත්තම වගේ..

:       1       159

K Perera Thursday, 03 September 2020 11:32 AM

දැන්නම් ජනතාවට නිශ්ශබ්දව සිටින්නට නොහැකි වාතාවරණයක් මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් සිටිනවා. ඉදිරියේදී මුළු ශ්‍රී ලංකාවම ඩෝසර් කරාවිද කියලා බයකුත් සිතට දැනෙනවා.

:       0       120

wije Thursday, 03 September 2020 05:02 PM

මේ ආණ්ඩුවට පරිසරය ගැන කිසිම දැනුමක් හෝ හැගීමක් නැති බව හොඳටම පේනවා.

:       0       1

නන්දසේන Friday, 04 September 2020 06:06 AM

ඔයාලා පැනික් වෙන්න එපා. 2/3ක් බහුතරය ගත්තේ මේවාට තමයි. කඩොලාන කන්න බෑනේ. ඉස්සන් කන්න පුළුවන්. ඔක්සිජන් ඕනේම නෑ. පුන්නක්කු තිබ්බම ඇති වහල්ලුන්ට.

:       0       57

මෝ Saturday, 05 September 2020 03:14 AM

ඔය වනරක්ෂණ නිලධාරියට කියන්න ඉස්සෙල්ලාම තම නිලයේ නම තේරුම් ගන්න කියලා. මිනිස්සු ඇවිත් කියන්න ඕනෑද විනාශය ගැන...? ඇරත් විනාශය සිදු වුණාට පස්සෙ දඬුවම් කරලා මොකටද? වගාකරලා කඩොලාන නැවත පරිසරයට එක්කරන්න යන කාලය බැලුවම. මුලින්ම කළ යුත්තේ මෙවැනි නිලධාරින්ට දඬුවම් කිරීමයි.

:       0       0

මෝ Saturday, 05 September 2020 03:17 AM

මේ ආණ්ඩුව පැමිණුනාට වඩා වේගයෙන් පිරිහෙනවා. ගෝඨාට මේ සෙට් එක සමග වැඩ කරන්න බෑ. බලතල ලැබුණු විගස මේ නසරානි දේශපාලුවන් පන්නා දමා වැඩ පටන් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site