IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉස්ලාමීය නායකයෙක් ලංකාවට

oic-head-madaniශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ඇරියුමින් ස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉයාද් මදනි ඇතුළු සිව් දෙනකු ළඟදීම ශ්‍රි ලංකාවේ සංචාරයකට එතියි ‘ඇරැබි නිව්ස්‘ කියයි.එම සන්විධානයේ නායකයකු ශ්‍රී ලංකාවට එනුයේ ප්‍රථම වරටය.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහමඩ් හුසේන් මොහමඩ් ගිය මාසයේ  ජෙඩා නුවරදී මදනී හමුවී ගමන ගැන සාකච්ඡා කළේය.

සෞදි බලධාරීන් පවසන්නේ සංචාරයේ කටයුතු සුදානම් කිරීම පිණිස නිලධාරීන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියාව පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඉස්ලාමීය සහයෝගිතා සංගමය වෙත ඉල්ලීමක් කර ඇතිබව පවසන පුවත් පත ඔහු  ශ්‍රී ලංකාවේ ආගමික සංවිධාන හමුවීමට ද නියමිතය.

 

 

 

 



අදහස් (0)

ඉස්ලාමීය නායකයෙක් ලංකාවට

ජනිත් Tuesday, 30 September 2014 01:44 PM

මෙතුමා අපිට නයක්වත් දෙයිද? අපි එතුමාව සාදරයෙන් පිළිගනිමු. (දී)

:       0       0

නිලක්ෂි Wednesday, 01 October 2014 05:05 AM

බලමුකෝ ආවට පස්සේ (නදී)

:       0       0

නිමල් ප්‍රේමකීර්ති Tuesday, 30 September 2014 02:28 PM

දැන් ඉතින් අපි කුමක් කරන්නද (දී)

:       0       0

මහේෂ් Wednesday, 01 October 2014 06:24 AM

ශ්‍රී ලංකාව සහ අරාබිකරය අතර සම්බන්ධතා ඇතිවුනේ අතීතයේ සිටමයි. එනිසා රටක් වශයෙන් අපි මෙතුමාවත් සාදරයෙන් පිළිගතයුතුයි කියලයි මම නම් හිතන්නේ. (ස)

:       0       0

පිටිගල Tuesday, 30 September 2014 02:48 PM

""එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගන්"" කිව්වලු. (දී)

:       0       0

චාමර Tuesday, 30 September 2014 03:02 PM

අජන්ත ගේ අදහස හරි. බලමු මොකද වෙන්නේ කියා. (දී)

:       0       0

ලලිත් Tuesday, 30 September 2014 03:22 PM

මම නම් මේ වෙලාවේ කට වරද්දා ගන්නේ නැහැ (දී)

:       0       0

දිල්ෂාන් Wednesday, 01 October 2014 06:57 AM

අාවට කමක් නෑ. නීති දාන්න දෙන්න බෑ... මෙයාගේ කෙරුවාව අපි දන්නවනේ... අහිංසක කාන්තාවන්ට කරන හිරි හැර.. අනුමත කරන කෙනෙක් තමා මේ...(ස)

:       0       0

ෆොන්සේකා Tuesday, 30 September 2014 09:45 AM

ලංකාව ඕනෑම කෙනෙකුට විවෘතයි

:       0       0

උදය Tuesday, 30 September 2014 04:36 PM

මටනම් ටිකක් බය දැනෙනවා . (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 September 2014 04:48 PM

අෂීන් වීරතු හිමි පසු ගියදා ලංකාවට වැඩම කරා, ඉයාද් මදනි තුමත් ලඟදි එනවා ලබන ජනවාරි මාසේ පාප් තුමාත් ලංකාවට එනවා ඉතින් කොච්චර වටිනවද ලංකාවට මේ වගේ අයව ගෙන්න ගන්න එක, (දී)

:       0       0

රත්න Tuesday, 30 September 2014 09:55 AM

ආගමික සංහිදියාව ගැන කතා කරන්නද එන්නේ (දී)

:       0       0

වරුණ Tuesday, 30 September 2014 09:55 AM

විශිෂ්ට ජයත්‍යන්තර සම්භන්ධයක් (දී)

:       0       0

වෙල්ලස්ස Tuesday, 30 September 2014 09:52 AM

සාදරයෙන් පිලි ගන්නවා (දී)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 30 September 2014 05:00 PM

මහින්ද මහත්තයා ඡාත්ත්‍යන්තරයත් ඒක්ක වැඩ කරනකොට අනාගන්න නායකයෙක් නෙමෙි (දී)

:       0       0

රජින්ද Tuesday, 30 September 2014 10:06 AM

ඒ පාර තවත් එකක් පාත් වෙන්න වගේ යන්නේ.ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 30 September 2014 10:20 AM

කොච්චර කිව්වත් අහන මිනිහෙක් නෙවෙයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 September 2014 10:23 AM

මෙහෙම ගියොත් ලංකාවට වෙන දේ හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

ධම්ම Tuesday, 30 September 2014 10:32 AM

මහනුවර පුජා නගරයේ දළඳා මාලිගාව, කතරගම පුදබිමේ ඇති සර්ව ආගමික සිද්ධස්ථාන ආදියත් මෙතුමාට පෙන්වන්න. මේවා ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියාව පිළිබදව හොදම උදාහරණයි. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 30 September 2014 10:52 AM

මෙවැන්නන් ගෙන්වීමෙන් සිදු වන්නේ ලංකාවේ නීති රාමුව තුල නිදහසේ සිටින අහිංසක මුස්ලිම් කාන්තාවන් තවත් අමාරුවේ වැටීමයි. හේතුව, මොවුන්ගේ ප්‍රධාන කාර්ය තද බල නීති පැනවීමයි. සවුදි රටේ හිටිය අය නම් මේ ගැන හොඳට දන්නවා. (ස)

:       0       0

පහන් Tuesday, 30 September 2014 11:18 AM

කුමක්ද දන්නේ නැහැ අරමුණ (දී)

:       0       0

අමරදාස Tuesday, 30 September 2014 07:34 PM

තව මොනවද ඇනෙන්න තියෙන්නේ සමරේ. චීනේ අපි සදාකාලික නයකාරයෝ වෙලා ඉවරයි. එක පව්ලක් ආසන්නව ලක්ෂ 15 ජාත්‍යන්තරයට ණයයි. මේ පොලී වාරිකය අපිට දැන් පවත්වාගෙන යන්නත් බැරි තත්වයක් ඇතිවෙලා. බඩුමිල ගෙන සමරේට කියන්න ඕනේ නැහැනේ. (නදී)

:       0       0

ප්‍රියකුමාර Tuesday, 30 September 2014 08:51 PM

සමෙරේ අනාගතේ තව මොනවා වෙයිද? (නදී)

:       0       0

සනෝජ් Tuesday, 30 September 2014 11:43 AM

මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

බන්දුල Tuesday, 30 September 2014 11:45 AM

ජාත්‍යන්තර සම්භන්දකම් වැදගත් රටකට (දී)

:       0       0

අජන්ත Tuesday, 30 September 2014 11:49 AM

ආවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ , අපිට මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා නීති දැම්මොත් නම් ඒක වැරදියි (දී)

:       0       0

සීල Tuesday, 30 September 2014 10:16 PM

මේ අපේ දේශයයි ,මේ අපේ ආගමයි! (නි)

:       0       0

හැරිසන් Tuesday, 30 September 2014 10:38 PM

බොහොම සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

මාධවී Wednesday, 01 October 2014 12:53 AM

එනපොට හොඳ නැහැ වගේ. මෙයාලත් එක්ක ගනුදෙනු ඕනවට වැඩිය වැඩියි. (නදී)

:       0       0

තේනුක Tuesday, 30 September 2014 12:24 PM

සුභපතනවා ඔබේ ගමනට (දී)

:       0       0

ටෙනිසන් Wednesday, 01 October 2014 02:59 AM

වෙනත් ආගමක්, දහමක් වසන් වී පිලිපැද්දත් දඩුවම් දෙන රටේ ආගමික සංහිදියාව ගැන මොන කතාද. (නදී)

:       0       0

චානක Tuesday, 30 September 2014 12:46 PM

අනේ මන්දා (දී)

:       0       0

රෝහණ Wednesday, 01 October 2014 03:34 AM

අපේ රට එදා ඉඳන් ප්‍රසිද්ධ වුනේ ආගන්තුක සත්කාරය අතින් ඉහලම රට ලෙස. ඉතින් මෙතුමාගේ ගමනට කවුරු හරි බාධා කලොත් ඒක අපේ රටට ගෞරවයක් වේවිද? (නදී)

:       0       0

හසන්ත Tuesday, 30 September 2014 12:56 PM

සාදරයෙන් පිලි ගන්නවා අපේ මේ ශ්‍රී ලංකාවට (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 01 October 2014 04:02 AM

සමරේ(ගාල්ල), එතුමා නම් අනාගන්නේ නැහැ. අපි නම් අනාගෙන තියෙන්නේ තවත් හුස්මක් කටක් ගන්න බැරි වෙන්නම. (නදී)

:       0       0

තූනෝ Wednesday, 01 October 2014 04:05 AM

තව ටික කාලෙකින් කනවෝ කනවෝ කියන්න තමයි වෙන්නෙ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site