IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉස්කෝල 809ක් නමට ජාතික පාසල් කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල් 809ක් පසුගිය කාලයේදී  ජාතික පාසල් ලෙස නාම මාත්‍රිකව නම් කර  ඒවායේ  නාමපුවරු සැකසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට වැඩි   මුදලක් නිකරැණේ නාස්ති   ඇති බව   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරැ අනාවරණය විය

මේ  අතර ශ්‍රී ලංකාවේ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බවද  එහිදී හෙළිවී අැත

හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීමට කටයුතු කරන ලෙස  කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72  සම්බන්ධයෙන්  කෝපා කමිටුව වාර්තාවක් කැඳවීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කෝපා කමිටුව  පැසසුම්  පිරිනැමීය

මේ පිළිබඳ තොරතුරැ  අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් දුන්  විවිධ නිර්දේශවලින්  ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බව  මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් කෝපා  සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය අතිශයින්ම කණගාටුවට කාරුණක් බවයි.



අදහස් (3)

ඉස්කෝල 809ක් නමට ජාතික පාසල් කරලා

රුවන් Friday, 25 July 2025 08:48 PM

809 හැම පාසලකම උසස් පෙළ තියෙනවද? සියලුම විෂයන් තියෙනවාද?

:       0       0

Perakum Liyanagama Friday, 25 July 2025 10:26 PM

මොනවා කරන්නද? දැං ඉතිං ඒ බෝඩ් ලෑලි ටික ගලවලා වෙන වැඩකට ගමු.

:       0       0

nipuna Saturday, 26 July 2025 11:00 AM

ජාතික පාසල් ලෙස නම් කිරීම ලොකුම ලොකු බොරුවක්. අන්තිමට වුනේ දේශපාලනඥයෙන්ගේ නම ජනප්‍රිය වුණ එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site