IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉෂාරා සෙව්වන්දි රට පැනලා නෑ

(සුජිත් හේවාජුලිගේ)

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව  නමැත්තා ඝාතනයට සම්බන්ධවී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති  නමැත්තිය  රටින් පැන ගොස් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන සිටින නමුත්  ඒ ගැන  කිසිවකු කතා නොකරන බවත්  සැකකරුවන් සැකකාරියන් අල්ලා ගැනීමට  දුෂ්කර වන මෙවැනි විරල සිද්ධි එකක් දෙකක්  තිබිය හැකි බවත්  ඔහු ප්‍රකාශ කළේය.

සැකකාරිය  ගැන  යම් යම් තොරතුරු වෙනස් සැකකාරියන් හරහා අනාවරණය වී ඇති බවද හෙතෙම පැවසීය

උසාවියේ ආරක්ෂාවේ අඩුපාඩුවක් හේතුවෙන් එම සිද්ධිය සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා  ප්‍රහාරය පිළිබඳව කල්තියා නිශ්චිත තොරතුරක් ලැබී නොතිබුණු බවද ප්‍රකාශ කළේය.

ගනේ මුල්ල සංජීව නමැත්තාට  ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවද විජේපාල  මහතා කීය.

ඔහු බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාවක් දුන්නේ ඒ නිසා බවද  අමාත්‍යවරයා කීවේය.



අදහස් (5)

ඉෂාරා සෙව්වන්දි රට පැනලා නෑ

ජයසුඬර Wednesday, 25 June 2025 12:15 PM

..... ගනේ මුල්ල සංජීව නමැත්තාට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ ආරක්ෂක විධි විධාන දැඩි කළ බවද විජේපාල මහතා කීය........ආරක්ෂාව වැඩි කරලා තියෙද්දී ද අර කෙල්ලක් ගේමදුන්නේ .ලජ්ජය් අමති තුමෝ. . විලි ලජ්ජය් .

:       4       25

රම්බොඩ Wednesday, 25 June 2025 12:36 PM

කවුද අනේ ඕවා අහන්නේ? පාතාලය ගැන හොයනවාට වඩා වැඩ සාමාන්‍ය ජනතාවට තියෙනවා...

:       1       15

තුෂාර Wednesday, 25 June 2025 12:51 PM

අන්න දේශබන්දු ගෙදරලු හිටියේ හංගුනේ නෑලු... මෙයත් ගෙදර ඇති හොඳට බලන්න...

:       1       21

Bunny Preena Wednesday, 25 June 2025 03:59 PM

ඉතින් අල්ලා ගන්නකෝ...!

:       1       17

Perera Thursday, 26 June 2025 10:32 AM

බෝට්ටුවකින් ඉන්දියාවට ගියානම් විගමන වාර්තා වලට අහුවෙන්නේ නැහැ නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site