IMG-LOGO

ඉවරයි කිව්වට කොරෝනා ඉවරම නෑ

ඇමෙරිකාවේ ‘කොවිඩ්’ වසංගතය අවසන් යැයි ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ආන්දෝලනයක් හටගෙන තිබේ.

ජනාධිපති බයිඩන් මේ බව කියා සිටියේ, ‘60 මිනිට්ස්’ වාර්තා වැඩසටහන අතරතුරේය. ජනාධිපති බයිඩන් එසේ පැවැසුවත්, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයේ පාලනයක් සහ අඩුවක් දකින්න ලැබුණත් එය තව දුරටත් වසංගත තත්ත්වයක් නොවේ යැයි කීමට සුදුසු තත්වයක් නිර්මාණය වී නොමැති බවය.

තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තවමත් දිනකට ‘කොවිඩ් 19’ වසංගතයට බිලිවන ඇමෙරිකානුවන් ගණන 400 කි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් පසුගිය දා නිවේදනය කළේ ගෝලීය ‘කොවිඩ් 19’ වසංගතය අවසානයට ළං වී ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

ඉවරයි කිව්වට කොරෝනා ඉවරම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site