ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්ලි ඉල්ලියාස් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඉල්ලියාස් මහතා වසර දෙකකට ආසන්න කාලයක් රග්බි සංගමයේ ලේකම් ධූරයේ කටයුතු කළ අතර පෞද්ගලික හේතු නිසා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී ඉල්ලියාස් මහතා පැවසුවේ තම ව්‍යාපාරික කටයුතු නිසා ලේකම් ධූරයේ කටයුතු කිරීම අපහසු හෙයින් තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
”ව්‍යපාරික කටයුතු නිසා මට විවේකයන් නෑ. ලේකම් ධූරයේ කටයුතු කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි. වගකීම් පැහැර හරින්න බෑ. ඉවත්වීමට වෙනත් කිසිම ප‍්‍රශ්නයක් නෑ”
”කාල්ටන් සෙවන්ස් තරගාවලියට සහභාගි වන වයඹ බ්ලැක්ස් පිලේ හිමිකරුවා වශයෙන් මම දිගටම කටයුතු කරනවා” යැයි ද ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉල්ලියාස් ඉල්ලා අස්වෙයි
පී.ඩී. විදානගේ Sunday, 07 July 2013 06:16 PM
අනේ පව්වද කියන්නේ (අ)