IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක්

(ලක්ෂ්මී ජයකොඩි)

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සදහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් යන මහත්වරු නාමයෝජනා බාර දී ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සමුලුව ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිත අතර එහි පක්ෂයේ නව නායකත්වය නිවේදනය කරන බව එම පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

2024 ජනවාරි මාසයේ 20 වනදා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සදහා එකකට වැඩි නාමයෝජනා ලැබී තිබුණහොත් ඊට පසුවදා පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කරනු ලබන බවත් ජනවාරි 28 වැනි දා නව නායකයා පක්ෂය අමතනු ඇති බවත් ඉකුත්දා රැස්වු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකත්වය තෝරා ගැනීමට ඡන්දයක් නොපැවැත්වුණු අතර පක්ෂ නායකයා පක්ෂය විසින් එකමතිකව තෝරා ගැනුණු බවත් කෙසේ වෙතත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වනු ඇති බවත්ය.

 



අදහස් (0)

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site