IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කළේය.

අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

එම ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනාගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මගින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් අධ්‍යක්ෂක අමානි ප්‍රකාශ කළේය.

සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවසිය හැකි යැයි අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි පැවසුවේය.

 



අදහස් (1)

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති

fairoos Thursday, 18 April 2024 11:06 AM

බොහෝම ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘
2024 මැයි මස 01 385 0

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.


තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’
2024 මැයි මස 01 119 0

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.


මැයි රැලි අස්සේ ගයාෂාන්ගෙන් එජාපයට කරනමක්
2024 මැයි මස 01 478 0

පොදු ජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.


මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි
2024 මැයි මස 01 846 1

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.


ට්‍රම්ප් දඩ කයි
2024 මැයි මස 01 967 1

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.


ප්‍රේමදාස ගුණ සමරයි
2024 මැයි මස 01 711 2

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 419 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1833 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1646 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site