IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට?

ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

ඇති කරගත් එකඟතාව අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයට යම්කිසි කාලයක් ගත වනු ඇති නමුත් හටගත් යුද උණුසුම අවසන් වූ බවත්, සාමය උදා වනු ඇති බවත් ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. සටනක් විරාමය අදියර වශයෙන් ආරම්භ වනු ඇතැයි ද ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

12 දිනක් තිස්සේ පැවැති යුද ගැටුම අවසන්. මම ඊශ්‍රායලයටත්, ඉරානයටත් සුබ පතනවා යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.

(අල් ජසීරා)

 



අදහස් (5)

ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට?

සෙනරත් Tuesday, 24 June 2025 04:47 AM

මේ නම් හොද නිවුස් එකක් නොවේ.....ට්‍රම්ප්ට බඩු බනිස් වගේ.

:       0       0

සෑම් Tuesday, 24 June 2025 06:35 AM

මේ කථාව ඇමෙරිකන් පිස්සා තනි මතයට කියපු පිස්සු කතාවක්. රටවල් දෙකම එහෙම සාම ගිවිසුමක් ගැන කිසිම දෙයක් මේ පිස්සා එක්ක කතා කරලා නැහැ.

:       0       0

ravin Tuesday, 24 June 2025 06:37 AM

මිසයිල ප්‍රහාර තාම කඳවුරු වෙත එල්ල වූවායින් පසුවද සාමය ගැන මතක් වුණේ...

:       0       0

රට වැසියා Tuesday, 24 June 2025 08:39 AM

ට්‍රම්ප් උන්නැහේලා අනාගන්න වගේ හදන්නේ, ත්‍රස්තවාදීන් එක්ක ස‍ටන් විරාමවලට, සාම සාකච්ඡාවලට යන්න එපා, ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදින්ගේ උපක්‍රමයෙන්ම උත්තර දිය යුතුයි. අපිට ඕන තරම් අත්දැකිම් තියෙනවා. අපේ පුංචි රටේ අවුරුදු 30 ක ත්‍රස්තවාදය අවසන් කලේ ඒ විදියට. ලෝකයේ කොහෝ තිබුණත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි, ඊ‍ට විරුද්ධ වෙමු!

:       0       0

wedage Tuesday, 24 June 2025 10:38 AM

ට්‍රම්ප්ගේ පිස්සු වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site