IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරිදා - පෝය නැ‘හිර පන්ති බෑ

(අමදෝරැ අමරජිව)

නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල  උපකාරක පංති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දහම් අධ්‍යාපනයට යෙදවිමට තරම් කාලයක් නොලැබෙන ආකාරයට පෞද්ගලික උපකාරක පංති රැල්ලක් නිර්මාණය වි තිබිම හේතු කරගෙන මෙම තීරණය ගත් බව පලාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ දැක්වේ.

මේ අනුව ඉරිදා දිනවල පස්වරැ 02.00 දක්වා හා පෝය දිනවල සම්පුර්ණ දිනයේත් උපකාරක පංති පැවැත්විම මෙලෙස තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇති අතර ඒ සදහා පොලිසියේ හා අදාල පලාත් පාලන ආයතනයේ සහය ලබා ගන්නා ලෙස එම චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබාදි තිබේ.

මෙම උපදෙස් නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය ,ත්‍රිකුණාමලය උතුර ,කන්තලේ ,අම්පාර ,මහඔය හා දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර තිබේ.

 



අදහස් (9)

ඉරිදා - පෝය නැ‘හිර පන්ති බෑ

Abaran Monday, 23 October 2023 07:51 AM

ටියුෂන් නවත්වන්න අවංක උවමනාවක් ඇත නම් මේ කුණුවුණු අධ්‍යාපන ක්‍රමය වෙනස්කරන්න . වසර දෙකක් උගත් දෑ පය 3 කදී කටපාඩමින් වමාරමින් පිළිතුරු දිය යුතු යල් පැනගිය විභාග ක්‍රමය වෙනස් කරන්න. ඒ ඒ ඒකකය අවසානයේදී අදාල දැනුම පාසල් තුල මැන අදාල විෂයට 50% එතුලින්ද ඉතිරි 50% අවසන් විභාගයේදී ද ලබගත හැකි ක්‍රමයක් සකසන්න . නැතිව මේවගේ බලහත්කාරයෙන් ටියුෂන් නැවතිය නොහැකිය . 1999දී චන්ද්‍රිකා මහා ලොකු සද්දයක් දමා ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී ද කිවේ ඉන්පස්ය් ටියුෂන් අවශ්‍ය නොවන බවය . එනිසා මෙත් තව එවැනිම විහිළුවක් විතරයි . බෙල්ලේ ටයි පොල්ලක් හිරකර ගත්තම නිලධාරීන්ගේ මොලේ කොලොප්පන් වෙනවනේ. එකයි මේ විහිලු සපයන්නේ

:       1       11

City Monday, 23 October 2023 11:54 AM

ප්‍රතිපත්ති, ගුරුවරු කවදාවත් ඉඩ දෙන්නේ නැහැ මොකද එයාලගේ ගාස්තු නැති වෙනවා කියලා.

:       0       3

Sanjeewa Monday, 23 October 2023 08:52 AM

පිස්සු වැඩකට නැති වැඩ චක්‍රලේඛ සහ කාලය හා පත්‍රිකා නාස්ති කිරීම පමණි

:       2       7

suneth hemantha Monday, 23 October 2023 09:29 AM

මුළු රටටම පොදු නීතියක් හැටියට මේ ගැසට් එක ගේන්න.

:       4       12

Mr,Don Monday, 23 October 2023 10:18 AM

නැගෙනහිරට ජයවේවා

:       0       2

රංබොඩ Monday, 23 October 2023 09:35 AM

රටේ රජයක් නැති නිසා ඒ ඒ පලාත්වල බලධාරීන් හෝ මෙවැනි නිවැරදි තීරණවලට එළැඹීම අගය කල යුතුයි

:       6       9

සිල්වා Monday, 23 October 2023 10:45 AM

ලොකුවට කලබල විය යුතු නැහැ. ඉගෙන ගන්න උගන්වන ක්‍රමය හඳුන්වා දෙන්න. උත්සාහවන්තයො ජයගනී.

:       0       5

Rata Perata Monday, 23 October 2023 12:00 PM

ඉතා හොඳ තීරණයක් .මේ වගේ තීරණයක් හරියටම බලපවත්වන විදියට ගන්න තිබුනා කොන්ද පනතියන ජනපතියෙක් හරි ඇමතියෙක් හරි හිටියානම් .මේක ඉතාම ඉක්මනින් නියාමනය කලයුතු ව්‍යාපාරයක්

:       3       2

Agith Monday, 23 October 2023 05:22 PM

දුප්පත් ප්‍රදේශයක දුප්පත් දරුවන්ට දුප්පත්කමින් මිදෙන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය. මේක දුප්පත් දරුවන් දුප්පත්කමේම හිරකර තබන්න කරපු අමන වැඩක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site