IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි

වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් නිවසේ එක් කොටසක් සිරමැදිරයක් ලෙස සකස් කරන බවත් ඉස්ලාමාබාද් පොලිස්පති පවසා තිබේ.

සිර මැදිරයක් සකස් කෙරෙනු ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් බානි ගාලා නිවසටය. සිර මැදිරියක් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් කීප දෙනකු මෙන්ම පොලිස් නිලධාරීන් කීප දෙනකු ද නිවසේ රැඳවෙනු ඇති බව පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ඉස්ලාමාබාද් අධිකරණයක් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබීටත් වසර 14 ක සිරදඬුවම් නියම කළේ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විදේශ නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරයෙන් යද්දී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ටත් බිරිඳ බුෂ්රා බීබී එසේ හිමිවුණු ඇතැම් ත්‍යාග විකුණා මුදල් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබුණු අතර එම චෝදනාවලට ද ඔවුන් දෙදෙනා වරදකරුවෝ වූහ.

ඉම්රාන් ඛාන් මේ වනවිටත්, බන්ධනාගාරගතවී සිටී. ඒ, දූෂණ චෝදනාවලට වරදකරු වීමෙනි. පසුගිය 30 වැනිදා ද ඉම්රාන් ඛාන්ට තවත් 10 වසරක සිර දඬුවමක් හිමිවිය. බිරිඳට මෙන්ම, වසර 14 ක සිර දඬුවමක් නියම වූයේ ඊට අමතරවය.

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකාරිය යැයි බුෂ්රා බීබී පිළිගෙන ඇති අතර, ඇය ජාතික වගවීම් කාර්යාංශයේ නිලධාරීන්ට බාර වුණු බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.



අදහස් (3)

ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි

pakeer Thursday, 01 February 2024 03:42 PM

සෝචනීය පුවතක්.මේ මිනිස්සු මහා මෝඩයෝ.ඉම්රාන් තමන්ට පුළුවන් කාලේ ,පුළුවන් විදියට රටට කීර්තියක් ගේනවා .ඒක තමයි එයාගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ .රට හරි නැත්නම් එයාට තිබුනේ එයා කැමති හොඳ රටකට ගිහින් දැහැමින් සෙමින් ජීවත් වෙන්න .දැන් අපරාදේ .මේවා අපේ එවුන්ටත් හොඳම පාඩම්

:       1       5

චතුරි Friday, 02 February 2024 04:01 AM

ඒකට ලංකාවේ නාකිමයිනගෙ ගෑනිගෙ හොර වැඩ අහන්න. නඩු කාරයෝ එකීගෙ කකුල් දෙකලගට ගියා කොන්ද නමන් අනිත් ලොකුම හොරා. රටේ ජනාදිපති වෙන්න දගලනවා. මුන්ට කිසිම දඩුවමක් නැහැ. කොයිතරම් හොර වැඩ කෙරුවත්

:       2       3

Wasantha karunarathne koratuwalage Friday, 02 February 2024 05:23 PM

අපේ රටේ ඔහොම නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ පල්හොරු ඔක්කෝම හිරේ...!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1878 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 710 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 840 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 268 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 640 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 535 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1077 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1451 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site