
දූෂණ චෝදනාවලට වරදකාරිය වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීට බන්ධනාගාරයේ දී වස දෙනවා යැයි චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් බුෂ්රා බීබී පරීක්ෂාවට ලක් කළ අතර, එම වෛද්‍ය කණ්ඩායම පසු පැවැසුවේ, එවැනි වස දීමක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී හමු නොවුණු බවය.
එම වෛද්‍ය කණ්ඩායමට බුෂ්රා බීබීගේ පවුලේ වෛද්‍යවරයා වන අසීම් යූසොෆ් ද එක් වී සිටි බව ද පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව වෛද්‍ය අසීම් යූසොෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
බුෂ්රා බීබී රඳවා සිටින්නේ රඳවා සිටින්නේ ඉම්රාන් ඛාන්ට අයත් බානි ගාල් නිල නිවසේ එක් කොටසක්, බන්ධනාගාරයක් ලෙස සකස් කරමිණි. ඇයට ආහාර පාන ලබා දීම සිදු කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ය. නිවසේ බන්ධනාගාරය කළ කොටස බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පවතී.
වසර 14 ක සිර දඬුවමක් නියම වීමෙන් පසු, පසුගිය කාලය පුරාවට බුෂ්රා බීබීගේ සෞඛ්‍ය පිරිහෙමින් තිබුණි. ඇයට වස දීමක් සිදුවන්නේ යැයි චෝදනා එල්ල වීමට පටන් ගත්තේ ඒ අනුවය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉම්රාන්ගේ බිරිඳ බීබීට වස දෙනවා යැයි චෝදනා