( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා , ඩී.ජී. සුගතපාල සහ  සුමතිපාල  දියගහගේ  )

ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර  (පො.පෙ)මහතාගේ  නිවසට ඊයේ (9) රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසුව  අසනීප තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කරාපිටිය රෝහලට ගෙන එමින් සිටියදි මියගොස් ඇත.

නිරායුධ විරෝධතාකරුවන්ට පොදුජන පෙරමුණේ පිරිසක්  ඊයේ ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් කෝපවු ජනතාව මෙසේ සභාපතිවරයාගේ නිවසට පහරදි තිබේ.

මියයන විට 63 වියේ පසුවූ ඒ මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

1997 හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස දේශපාලන දිවිය ඇරඹු සරත් කුමාර මහතා පසුව ඉමදුව ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමෙන් පසු එහි මන්ත්‍රීවරයෙක් ලෙස තේරිපත්ව 2010 වර්ෂයේ සිට මියයන තෙක්ම පැවති මැතිවරණ වලින් ජයග්‍රහනය ලබා එහි සභාපතිධුරය හෙබවිය.

 

 ඡායාරූපය -ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා