IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉඳිආප්ප මුලේ හොරේ අහුවේ

ඉඳිආප්ප විකුණන මුවාවෙන් මත්කුඩු විකිණූ සිව්දරු මවක රුපියල් 40,000ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කොහුවල බෝධිය වත්තේදී අද (19) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාරිය සිය නිවස ඉදිරිපිට මේසයක් තබාගෙන ඉඳිආප්ප මුල් විකුණූ බව හඟවමින් කුඩු විකුණා ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

ඉඳිආප්ප මුලේ හොරේ අහුවේ

සම්පත් Friday, 19 July 2013 04:21 PM

මෙම මෙහෙයුම් කරන සියලු නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට තෙරුවන් සරණ ලැබේවා! (දී)

:       0       0

ලහිරු Friday, 19 July 2013 04:24 PM

ඔහොම යමු අපේ සහයෝගයත් දෙනවා.ලංකාවෙන් කුඩු තුරන් කරමු. (දී)

:       0       0

තරු Friday, 19 July 2013 04:51 PM

ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ දැන් කාලේ. හැමෝම එකයි (දී)

:       0       0

නෙතුමි Friday, 19 July 2013 05:25 PM

මේවා කරන අයට මර බිය දැනෙන විදිහේ දඬුවම් දිය යුතුයි. නැත්නම් වැඩක් නැහැනේ (දී)

:       0       0

උපාලි Friday, 19 July 2013 01:03 PM

මේ සිද්ධි දවස ගානේ අහන්න ලැබෙනවා. අපට එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ. මේ අල්ලන හාල් මැස්සෝ එකෙක්වත් කියන්නේ නැද්ද ඊට ඉහලින් ඉන්න අලගොඩුව කවුද කියල. ඒ අලගොදුවෝ කියන්නේ නැද්ද උන්ට ඉහලින් ඉන්න බලයා කවුද කියල. ඔහොම ඔහොම උඩට යනකොට තල්මසා හොයාගන්න බැරිද? එහෙම නොවෙන්නේ ඇයි? මං හිතන්නේ බලයා ඉන්න හරියට එනකොට තල්මසා වගබලාගන්නවා ඇති එයින් ඉහලට එන්න නොදෙන්න. (අ)

:       0       0

ගාමිණී-සිරි Friday, 19 July 2013 01:11 PM

අද කොළඹ නගරයේ කරන දුෂණ වැඩ වලින් 75% ක් ම කරනුයේ වතුවල ලොකු,ලොකු කතා දාගෙන චන්ඩි පාට් එකෙන් ඉන්න කාන්තාවන්. ගංජා,මත්කුඩු,ගණිකා වෘත්ති මෙහෙයවමින් ,15% - 20%(ඩේලි කලෙක්සන්) පදනම යටතේ සල්ලි පොලියට දීම ,එදිනෙදා ජීවන රටාවයි. හැබැයි මේ අයගේ ළමයිගේ අධ්‍යාපනය ගැනත් බලනවා. කොහෙද ඉගෙනගන්නේ ඇහුවොත් කතාව ඉන්ටර්නැෂනල් (දී)

:       0       0

බණ්ඩාර Friday, 19 July 2013 01:18 PM

වරුණ කෝ කට! අපි ඉස්කෝලේ යන කාලේ මතකද? (දී)

:       0       0

බණ්ඩාර Saturday, 20 July 2013 12:03 PM

කුඩු එන්නේ ඉන්දියාවෙන්. අපි දුප්පත් නිසා මේවට රවටාගන්න ලෙහෙසියි.මුදුන් මුලම කපලා දැන්මම ඉවරයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 20 July 2013 12:21 AM

ගමේ ඉන්න මොන වට්ටි අම්මාවත් කුඩු හදන්නේ නැනේ..?පොලියේ අය මේ දේවල් දන්නවා. දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා.(අ)

:       0       0

චාන් Friday, 19 July 2013 02:08 PM

උපාලි ඔබ හරි ,හාල් මැස්සන් පමණක් අල්ලලා මෙය නවත්න්න බැහැ. මේ ගැන පොලිස්පති තුමා අවංකවම ලැජ්ජා විය යුතුය.(නදී)

:       0       0

වරුණ Friday, 19 July 2013 02:13 PM

බණ්ඩා ඉතින් 5 වෙනකං ඉස්කෝලේ ගිහින් බීඩි කොටයි, සුරුට්ටු කොට ඇදපු එකයි ගෑනු ළමයින්ට ලියුම් දීපු එකයි කරලා අධ්‍යාපනේ කඩාකප්පල් කර ගත්තු එකනේ උනේ අපරාදේ.(නදී)

:       0       0

බාලා Friday, 19 July 2013 07:50 PM

ඒ ආන්ටි ගැන පොලිසියට ඔත්තුව දී තියෙන්නේ ළගින්ම එයාව ආශ්‍රය කරන තවත් ආන්ටි කෙනෙක් වෙන්න ඇති. දැන් ඉන්නේ ඉතින් මෙහෙම උදවියනේ (නි)

:       0       0

නුවන් Friday, 19 July 2013 03:30 PM

වෙලාවකට මේ ගැහැනුද කියලත් හිතෙනවා. මෙහෙමත් ජිවීත! දරුවන්ටත් දෙයියන්ගේම පිහිටයි! (දී)

:       0       0

චන්දි Friday, 19 July 2013 04:10 PM

දැන් බලාගෙන ගියාම ,අපේ ලංකාවේ විතර කුඩු බිස්නස් කරන්නේ නැහැනේ වෙන කිසිම රටක!!. ඉන්දියන් සාගරේ මුතු ඇටයද මේ ...? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site