විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී, ආසාදිතයෙකු බවට තහවුරු වුණු පුද්ගලයෙකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී, එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් කොරෝනා වයිරස ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ කියයි.
පරීක්ෂණ කටයුතු සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වයිරස ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තවදුරටත් සදහන් කර ඇත්තේ B.1.617 ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව මෙය බවය.
COMMENTS
අර ගිංතොට කට්ටියගෙන් මොන ප්‍රභේදේද වාර්තා වුණේ? ඔය වගේ වෙන්නැති නේද විවිධ ප්‍රභේද ලංකාවට ගෙන්න ගත්තේ?
උසස් ප්‍රමිතියෙන් යුත් කොරෝනා වෛරසය ලංකාවට හඳුන්වාදීම ගැන ඉන්දියානු ජනතාවට ස්තුති කරන අතරම, ඊට අනුග්‍රහය දැක්වූ ලංකා රජයට සම්බන්ධ බිස්නස් කල්ලියට මගේ ප්‍රණාමය!! කොරෝනාවෙන් ආර්ථික මඩිය තර කරගත් ලොව එකම ජාතිය තමයි අපි... නව කොරෝනා ප්‍රබේද වැඩිපුර අපට හමුවේවා...!! කාටද ආඩම්බර?
ලෝකේ හැම රටකම වැහුවා. ඉන්දියාවේ අයට අපේ අය ඉන්දියන් කොරෝනාවෙන් හම්බකරගෙන කෑවා. රටේ මිනිස්සු බිල්ලට දීලා මේ අය හම්බ කර ගන්නවා.
ඔක්කොම ප්‍රභේද එන්නේ පිටරටින්. නිරෝධායනය කලත් එක එක ප්‍රභේද වලින් රෝග පැතිරෙන නිසා දැන්වත් තාවකාලිකව පිටරටවලින් එන අය නැවැත්තුවොත් නරකද? නැත්නම් ලංකාවත් ඉන්දියාව වගේ මල ගමක් වෙයි.
මේකත් තාම සමාජගත වෙලා නෑනේ? එහෙනම් අවුලක් නැහැ.