IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ඉන්දීය රුපියල මෙහෙටත්?

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය රුපියල් ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් නොවූවත් ශ්‍රී ලංකාව, ඉන්දීය රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලි සහාය මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

මෙය ඉන්දීය රුපියල ආසියාතික රටවල ප්‍රසිද්ධ කරමින් ඩොලරයේ යැපීම අඩු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය දරන උත්සාහයේ එක් පියවරකි.

 



අදහස් (12)

ඉන්දීය රුපියල මෙහෙටත්?

pakeer Tuesday, 29 November 2022 09:11 PM

මේ කෙහෙල්මල් ඉන්දියන් රුපියල නෙවෙයි. ඇමෙරිකාවේ ඩොලර් ඒක මෙහෙට ගෙනෙල්ලා. ඒ්ක තමා කරන්න ඔ්නි.

:       2       21

බද්රානි Tuesday, 29 November 2022 09:22 PM

ආශාවට ළඟ තබා ගන්න නෙවෙයි, නුදුරු අනාගතයේදීම ඉන්දියන් රුපියල් වලින් ලංකාව තුල ගනුදෙනු කරන්නත් සිදුවෙනවා නියතයි.. ලංකාවේ මෝඩයින්ට දැන් වත් තේරෙන්නේ නැද්ද, උඹල අත්වෙන අනාගත ඉරණම? ඔන්න ඕක තමයි මම නිතරම කියන්නේ දේශ ප්‍රේමේ ඉහට ගහලා වැඩිය උඩ පැනගෙන දඟලන්න එපා කියලා. කන්න නැතත්, ඉන්න රටක්නේ ඕනා කිව්වේ නේද? තමන්ගේම රටේ ජීවත් වෙන වෙනත් ජාතිකයින්ට අන්‍ය ආගමිකයින්ට ගරු කරගෙන සහයෝගයෙන් හිටපල්ලා. විශේෂයෙන් පිටරටකදී තමන්ගේ රටේ මිනිස්සුන්ට ගරු කරපල්ලා. තවකෙක් තමන්ට වඩා ටිකක් දියුණුවෙන් ඉන්නවා දැක්කම ඇහේ කටු අනිනවා වගේ නේද සිංහලුනේ? එහෙම එවුන්ට පැවැත්මක් තියෙයිද? එක අතකට ඉතින් ලෝකේ ශත පහකට පිළිගන්නේ නැති සිරි ලන්කන් පාස් පොර්ට් එකකට මෙච්චර ගෙවන වෙලාවේ, ඉන්දියන් හෝ චීන පාස්පෝර්ට් එකක් ගත්තොත් ඒකත් ලොකු දෙයක්.

:       5       25

චින්තක Wednesday, 30 November 2022 03:49 PM

භද්‍රානි මහත්මිය කියනදේ සත්‍ය බව ජනතාව තේරුම් නොගත්තොත් ලොකුම විනාශයක් වෙනවා කියලා හිතෙනවා. මට හිතෙන විදියට වෙනත් රටක මුදල් ඒකකයක් වෙන රටක භාවිතා කරනවා කියන්නේ අපි ඒ රටේ යටත් වැසියෝ කියනවා වගෙයි..

:       0       4

නිමල් Tuesday, 29 November 2022 09:24 PM

අපේ තලේමන්නාරම තමයි දේශ සීමා වෙලදාමට හොඳම නගරය.කවුරුවත් මේක දියුනු කරන්නෙ නැත්තේ ඇයි ?චීනෙන් ගෙනත් පොඩි ගානක් තියාගෙන ඉංදියාවට විකුනන්න බැරිද?ඔය හරියෙන් යන බෝට්ටු ටිකට බුලත්විට ටිකක් වික්කත් විදේශ විනිමය නේද. උන්ගෙ රටේ ටැක්ස් වැඩි බඩු ඔක්කොම අපි වික්කනම් හොඳ නැද්ද?

:       2       7

මහජනයා Tuesday, 29 November 2022 09:52 PM

ගල් ආදො... බර දියේ මාළු බාන්න දන්නෙම නෑ. එක අතකින්... අපේ රට කරවන්න එවුන්ගේ වැරදි තීන්දු තීරණ නිසා උන්ට බනින එකත් වැරදියි..

:       0       7

Prabha Tuesday, 29 November 2022 10:26 PM

හොර බඩු ජාවාරම කාරයන්ගේ කල්ල මරේ.

:       1       7

ඉන්දික Tuesday, 29 November 2022 10:29 PM

කොහොම හරි මේ පාලකයෝ ඉවත් වෙනකොට අපේ රටේ මුදලුත් ඉන්දියාවේ රුපියල් බවට පත්වෙලා තියේවි. අපි නිකම්ම ඉන්දියාවේ කොලනියක් වේවි. මේක රාජපක්ෂල කරන්න හදපු දෙයක් රට චීන හෝ ඉන්දියන් කොලනියක් කරන එක.

:       3       10

Senarath Tuesday, 29 November 2022 11:41 PM

Good one!

:       4       2

Asela Wednesday, 30 November 2022 06:22 AM

ඒ උත්සාහය මොකක්ද කියලා හිතාගත්ත හැකියි.

:       1       5

J R Sisira Ariyaratne Wednesday, 30 November 2022 09:14 AM

It is a wise step to peg our currency to Indian currency rather than.peging to Us $ .India (Maha Barth)is always our Big Bro ..

:       4       7

සිල්වා Wednesday, 30 November 2022 10:23 AM

මෙම ක්‍රමය හඳුන්වා දීමෙන් ඉතා ඉක්මනින් ඉන්දියානු රුපියල ලංකාවේ රුපියල අභිබවා යෑමට සහ බහුලව භාවිතා වීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් ඉන්දියාව චීනය ජපානය වැනි රටවල් සමඟ විදේශ වෙළෙඳාම් කිරීමෙදී ඩොලරය වෙනුවට ඒ ඒ රටවල මුදලින් ගෙවීම් කිරීම ඉඩ හැරීම තූළින් ඩොලරය මත යැපීම අවම කළ හැකි ය. අපනයන වෙළඳාමට ද යහපත් වෙයි.

:       2       9

sharm warn Wednesday, 30 November 2022 02:06 PM

අර පිනාට කතිරෙ ගහපු 37 දාහෙන් කොටසක් මෙතන ඉන්න බව නම් පේනවා. ඉතුරු අදහස් මටම තියාගන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1067 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site