(මනෝප්‍රිය ගුණසේකර)
නීතීවිරෝධී ලෙස ඩීසල් තොගයක් ලඟ තබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු නිදොස් කොට නිදහස් කළ මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ව්‍යාපාරිකයා ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහුට බාරදෙන ලෙස සපුගස්කන්ද පොලිසියට නියම කළාය.
ඩීසල් ළඟ තබා ගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති හෙයින් නඩු නොපවරවාම ඔහු නිදොස් කොට නිදහස් කර ඔහු ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහු වෙත මුදා හරන්නැයි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස කියම කළාය
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මාකොළ නාලක එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරු වන ව්‍යාපාරික නාලක හෙට්ටිආරච්චි මහතාය
ඩීසල් ලීටර් 385ක තොගයක් නීතීවිරෝධී ලෙස ලඟ තබා ගන්නා ලදැයි කියමින් සපුගස්කන්ද පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එල්. ප්‍රමොද් ඇතුළු නිලධාරීන් විසින් නාලක හෙට්ටිආරච්චි මහතා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නීතීඥ විරේන්දා කනංකේ මහත්මිය සමඟ පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්ධන ලඟ තබාගැනීම වරදක් බව ඛනිජ තෙල් පනතේ කිසිඳු සඳහනක් නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාවක් නොමැති බවට කරුනු ඉදිරිපත් කළේය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්ධන ළඟ තබාගත්තැයි ඇල්ලූ ව්‍යාපාරිකයා නිදොස් කර නිදහස්