IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන වර්ග 3ක මිල පහළට

(යොහාන් භාසුර)

ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත්  එම සංස්ථාව කීය.



අදහස් (10)

ඉන්ධන වර්ග 3ක මිල පහළට

de silva Tuesday, 05 March 2024 02:12 AM

මිල සුත්‍රයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ, ඒක එහෙම වෙනවා නම් සියලුම ඉන්ධන වල මිල උච්ඡාවචනය වෙනවා. ඩොලර් එක සහ ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවෙලා තිබෙන මේ අවස්ථාවේ එම සහනය කිසිම ප්‍රශ්නයක් නැතුව ජනතාවට දෙන්න පුළුවන් මොකක්ද මේ නටන නාඩගම?

:       0       0

Indhika Tuesday, 05 March 2024 05:50 AM

ඕවා නිකන් දුන්නත් අපි නම් ඡන්දෙ දෙන්නේ නෑ රනිලෝ...!

:       0       0

KRISHANTHA Tuesday, 05 March 2024 07:56 AM

රනිල් මහත්තයෝ ඔයා සුපර් ඩීසලුයි පෙට්‍රලුයි ගහන අයගෙන්ම ඡන්දෙත් ගන්ට ඈ....!

:       0       0

Aravinda Monarawila Tuesday, 05 March 2024 08:11 AM

ජනාධිපතිවරනයේදී රට පුරා v8 වලින් රට පුරා සවාරි ගහන්න දැන්ම තියලා ලැහැස්ති වෙනවා

:       0       8

මල් මාමා Tuesday, 05 March 2024 09:48 AM

මේවට මොනවද කියන්නෙ.අර ප්‍රභාකරන් කියපු කතාව මතක් වුනා.

:       0       4

Jayasekara Tuesday, 05 March 2024 09:54 AM

යකාගේ අඩු කිරිල්ලක් .භූමි තෙල් මිල අඩුකරහල්ලකෝ වැඩියෙන්.ලයිට් කපපු අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වලට ලාම්පුතෙල් කුප්පියක්වත් පත්තු කරන්න .කාලකන්නි මුන් ඔක්කොම ගෙදර යවන්න ඕන

:       0       8

nalin Tuesday, 05 March 2024 11:38 AM

මාලිමාවෙ රැස්වීම් වලට තව ටිකක් සෙනග ආවනම තවත් බඩු ගනන් අඩුවෙනව. මාලිමාවට ජයවේවා

:       3       11

මැක්ස්Tuesday, 05 March 2024 12:25 PM

සෙනග ආවා නම් නෙවෙයි, සෙනග ඇද්දා නම් යනුවෙන් ඔබතුමාගේ කතාව සංශෝධනය විය යුතුයි කියලා අවංකවම නලින්ට උනත් හිතෙනවා නේද?

:       9       4

මල් මාමා Tuesday, 05 March 2024 05:41 PM

ඔබ ජීවත්වන පරිසරය හිතාගන්න පුළුවන්. මහින්ද මාත්තියාටම දෙන්න. අන්න කපුටන් ආවා...

:       0       0

Belson Karunahalu-pedige Tuesday, 05 March 2024 12:36 PM

ඡන්දයක් තියන ලකුණු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site