IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්ධන - ලිට්‍රෝ ගෑස් මිල මාර්තුවේ සංශෝධනය නොවේ

(යොහාන් භාසුර)

ඉන්ධන මිල මෙම මස සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (1) පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 371 ක, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 456 ක, ලංකා ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 468 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 262 ක තව දුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් සදඟන් කළේය.

එමෙන්ම ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලද මෙම මස සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගම පැවසීය.

ලෝක ගෑස් වෙළෙඳපොලේ මිල පසුගිය මස වෙනස් නොවීම හේතුවෙන් මාර්තු මස සංශෝධනය නොක බවත් ඒ හේතුවෙන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 4,250 ක, කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 1,707 ක සහ කිලෝ 2.3 සිලින්ඩරයක් රුපියල් 795 ක තව දුරටත් පවතින බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (2)

ඉන්ධන - ලිට්‍රෝ ගෑස් මිල මාර්තුවේ සංශෝධනය නොවේ

THARANGA Friday, 01 March 2024 12:56 PM

ඒ වුණාට ඩොලර් එක මේ වනවිට පහළ බැස ඇත. ඒ වාසිය ජනතාවට ලැබෙන්නේ නැද්ද?

:       1       3

නිහාල් Friday, 01 March 2024 03:44 PM

ඡන්දය ලංවූ පසු සංශෝධනය වේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site