
(යොහාන් භාසුර)
ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට අද (23) පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් අගෝස්තු මස දක්වා ඉන්ධන ඇනවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
මැදපෙරදිග කළාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණු හොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරන නිසා ශ්‍රී ලංකාවට ද එයින් ගැලවීමට නොහැකි බව කී නෙත්තිකුමාරගේ මහතා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බව ද සඳහන් කළේය.
වර්තමාන තත්වය යටතේ ජනතාව අනියත බියක් ඇතිනොකරගත යුතු බවත් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණ්‍ය කිරිමේදී පසුගිය මස මිල පාදකකරගැනීම නිසා ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමේ කිසිඳු අවස්ථාවක් නොමැති බබත් ඉන්දණ මිල රුපියලකින්, දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්වය බවත් නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් නෑ
de silva Monday, 23 June 2025 04:57 PM
හරි එහෙම නම් ඔබතුමාට සහතිකයක් දෙන්න පුලුවන්ද අගෝස්තු මාසේ අවසන් වෙනකම් තෙල් මිල ඉහළ දමන්නේ නැහැ කියල ?
යෝගා Monday, 23 June 2025 05:28 PM
කංචනගේ QR කෝඩ් ක්‍රමයට ආපහු යන්න වෙයි. නැත්නම් පුනරුදය බූලිවලට දාලා හංගයි. එතකොට පැලවත්තේ ඩෝබිලාට අපුල්ලන්න වෙන්නේ තෙල් පෝලිම්වල තපින ගමන් තමයි.
අරවින්ද මොණරවිල Monday, 23 June 2025 06:39 PM
ඕවා ඔහොම කියන්නේ එපා මහත්තයෝ, බයි සංසදය කෝම වාවන්නද ?
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Monday, 23 June 2025 10:38 PM
ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි සුද්ද කරලා ලෝකෙටම තෙල් දෙන්න කතාකරා වගේ මතකයි. ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටුයි තාම ටැංකි ටික සුද්ද කරගන්න බැරි වුණා.