IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ජනතාව දැඩි අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදී මෙම ඉන්ධන සහනය ජනතාවට ලබාදීමට හැකිව තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරන බවට ආණ්ඩුව පැවැසුවත් බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක පමණ ලාභයක් මේ වනවිට ආණ්ඩුවට හිමිවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මිල සූත්‍රය සම්බන්ධයෙන් නෛතික තත්වයක් නොමැති නිසා ආණ්ඩුවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය හැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.



අදහස් (11)

ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි

ravin Tuesday, 06 September 2022 03:45 PM

වෙන විදිහකට කිව්වොත් ත්‍රිරෝද රථ රියදුරෙකු ටැංකිය පිරෙන්න ඉන්ධන ලබාගත්තොත් එක වෙලාවකට පමණක් පාන් ගෙඩියක් ගත හැකිය...

:       3       30

fairoos Tuesday, 06 September 2022 04:46 PM

කරුමේ කියන්නේ වැඩබැරි ආණ්ඩුව සහ රනිල් රාජපක්ෂ එකතුවෙලා රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!

:       16       7

BamunuarachchiWednesday, 07 September 2022 07:32 AM

කවුද වැඩ පුළුවන් කෙනා? ඉස්සෙල්ලා ඡන්දෙකින් බලයට එන්න කියනවා. වැඩ පෙන්වන්න ඊට පස්සේ පුළුවන්... අපි දැක්කා සෙට් එක ගම්මිරිස්වලින් වැඩ පෙන්වන්න ගිහිල්ලා ගම්මිරිස් වෙළඳාම කඩාදමපු හැටි... වැඩ පෙන්නන්න එනවා මෙතන...!

:       0       2

kamal Tuesday, 06 September 2022 04:51 PM

ඔක්කොගේම සද්දේ විපක්ෂයේ ඉන්නකන් විතරයි. ආණ්ඩු කරන්න ගියාම වෙනම බයිලා එකක්...!

:       3       23

පුරවැසියෙක්.... Tuesday, 06 September 2022 05:25 PM

ශ්‍රී ලංකාව කලින් කලට පාලනය කළ සහ ඊට සම්බන්ධවූවන්ගේ වැරැදි නිසා... අද වනවිට රටේ ජනතාව දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත...!

:       1       14

Saththaya Tuesday, 06 September 2022 09:58 PM

ඔබට කරන්න පුළුවන් දේවල්, මේ අසීරු අවස්ථාවේ, රජයට එක්වෙලා සහයෝගය දෙන්නේ නැත්තේ ඇයි? මහජනතාව හාමතේ නේද? මේ වෙලේ කොකු ඇදඇද ඉන්නේ නැතුව ජනතාවට සේවයක් කරන්නකෝ. දැනටමත් ඇරයුම් ලැබිලනේ තියෙන්නේ....

:       0       7

Bamunuarachchi Wednesday, 07 September 2022 07:28 AM

ඉන්ධන මිල රුපියල් 50කට අඩුකළා කියලා අනිකුත් භාණ්ඩ මිල අඩුවෙන්නේ නැහැ. රු 50 මිල අඩු කළොත් වාසි වෙන්නේ වාහන හිමියන්ට. රු 50 අඩුකිරීමෙන් නැතිවෙන ආදායම සොයන්න රජය තවත් අනම්‍ය භාණ්ඩ එකක හෝ කීපයක මිල වැඩි කරන්න සිද්ද වෙනවා. එතකොට ඒ මුදල රටේ සෑම කෙනෙක්ම ගෙවිය යුතුයි. වාහන හිමියන්ට ලාබ කරන්න ගිහිල්ලා රටටම බදු ගහන්නේ නැතුව රු 50 අඩු නොකර ඉන්න. මටත් වාහන කීපයක් තිබෙනවා හයර් දුවන ඒවා නොවෙයි. නමුත් රු. 50 අඩුවේ වාසිය හොයන්නේ නැහැ...

:       0       5

නිලන්ත කුමාර Wednesday, 07 September 2022 01:01 PM

රජයේ සේවකයින් හිඟන්නන් වුණා.

:       0       0

BamunuarachchiWednesday, 07 September 2022 07:48 PM

ඒ ගොල්ලෝ පැය 8 ක්වත් හරියට වැඩ කළානම් රට හිඟන තත්වයට වැටෙන්නේ නැහැ. රජයේ සේවකයින් වන ඔහෙලා හිඟන තත්වයට වැටෙන්නේ නැහැ...

:       0       0

Bolpilima Thursday, 08 September 2022 10:42 AM

මෝඩයන් කෙසේ කීවත් රු.50 කින් අඩු කලහැකි නම් කරන්න. බහුතරයක් දෙනා තෙල් පාවිච්චි කරන්නෙ එදිනෙදා ජීවිතයේ වැඩ කරන්න මිස ට්‍රිප් යන්න නොවන බව සම හරක් නොදන්න බව පෙන්නුම් කරනවා.

:       0       0

BamunuarachchiThursday, 08 September 2022 05:14 PM

දෙකෝටි විසිලක්ෂයක ජනතාවගෙන් වාහන තිබෙන්නේ ලක්ෂ කියකටද? ගමනා ගමන අමාත්‍යඅංශය කියන විදිහට 2019 දී 8,095,224. මේ 81 ලක්ෂය වෙනුවෙන් එක්කෝටි තිස්නව ලක්ෂයක් රු.50 වෙනුවේන් වක්‍රව බදු ගෙවිය යුතුද? අංක ගණිතය නොදන්නා මෝඩයින්ට මේවා තේරෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site