IMG-LOGO

ඉන්ධන මිල පහළ දමයි

(යොහාන් භාසුර)

ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (17) පස්වරුවේ පියවර ගත්තේය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා තිබේ.

එම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් දක්වා පහත වැටුණි.

එම මිල පහත දැමීම අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන බව ද ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

ඉන්ධන මිල සූත්‍රයේ පසුගිය සති දෙකේ ගැළපීම් අනුව මෙම මිල පහත වැටීම සිදුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (4)

ඉන්ධන මිල පහළ දමයි

asoka Sunday, 17 July 2022 07:30 PM

සීනිබෝල දීලා පොඩි ළමයි දවස් කීපයකට රවට්ටන්න වගේ හදන්නේ..! බලේ ගන්නකන් තමයි ඔක්කොම හුරතල්...

:       0       0

Buddika Sunday, 17 July 2022 07:45 PM

වැඩ බලන උන්නැහේගේ තවත් එක විහිළුවක්...! වැඩිකරද්දී ලොකුගණන්වලින්. අඩුකරන්නේ සොච්චම් ගණන් වලින්..

:       11       13

දිසා....ගම්පහ. Sunday, 17 July 2022 09:11 PM

මහජන උපයෝගිතා කොමිසමෙහි සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුවේදී මෙන්ම මෙම ඉරිදා ලංකාදීප පුවත්පත සමග කළ සාකච්ඡාවෙන් සඳහන් කර තිබූ අන්දමට ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින් අඩුකිරීමේ හැකියාවක් පවතින්නේ නම් එම මිලට ඉන්ධන ලබාදීම පිණිස ඛනිජතෙල් සංස්ථාව පියවර ගත යුතුයි. ජනක රත්නායක මහතා පෙන්වා දෙන අන්දමට, ජනතාවට පීඩාවක් වන අන්දමින් පවතින ඉන්ධන මිල ගණන් වහාම අඩු කිරීම කෙරෙහි වැඩබලන ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීම විය යුතුයි...!

:       0       0

ranjith Sunday, 17 July 2022 11:06 PM

සොච්චමක් අඩුකරලා ගොඩයන්න හදනවා... තණ්හාය ජායතී සෝකෝ... වෙන මොනවා කියන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site