(සුජිත් හේවාජුලිගේ )
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී තීරණය කළේය.
එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර ඇත.
මෙම මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා පහළ යනු ඇත.
මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමෙන් එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසය.
ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති හෙයින් එහි නව මිල රුපියල් 431 ක් බව සංස්ථාව පවසයි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා එහි ඇති හෙයින් එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 249 කි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන නගී: 92 බහී
දුක්ගන්නා රාල Wednesday, 01 November 2023 04:38 AM
අපිට මේ භූමිතෙල් වලට වෙන අදේශක නැද්ද?