IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට

(යොහාන් භාසුර)

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය.

ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව ද සදඟන් කළාය.

ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.

ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හදුනාගෙන ඇති බවත් එම භාණ්ඩවලට ද බදු ගැලපීම් කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

කොළඹදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය එසේ පැවසුවාය.

 



අදහස් (16)

ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට

Prabha Thursday, 28 December 2023 05:04 PM

ඒ කියන්නේ කළින් 7.5 දැන් 10.5 කියන එකනේ...

:       11       59

ජයන්තThursday, 28 December 2023 08:09 PM

නෑ. 18-7.5 = 10.5 නමුත්, 7.5 ඉවත්වෙලා 18 එනවා. ඒ කියන්නේ තෙල් මිලෙන් 7.5% අඩු වෙලා 18% වැඩි වෙනවා. ආසන්න වශයෙන් 10.5% ට වැඩි වීමක්. ඒක නොකියා තමා මේ වටේ යන නිවුස් දාන්නේ.

:       1       13

NishThursday, 28 December 2023 08:17 PM

ඒකනේ ඇත්ත කතාව. ඒත් ඒක හරියට කියනවාද? හතරවරන් කතා කියවනවා...

:       0       3

අරවින්ද මොනරවිල Thursday, 28 December 2023 05:59 PM

මිනිසුන්ට පණ යනතුරු බදු ගහලා දැන් රවටන්න පොඩි පොඩි බදු කෑලි ඉවත් කරත් පිනාව අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕනෑ...

:       19       66

abaranFriday, 29 December 2023 06:13 AM

අරවින්ද කියන විදිහට බණ්ඩාරණායක මැතිනිය ලෝකේ පළමු අගමැතිනිය උනත් එයත් පින් අගමැති කෙනෙක් . ඔහෙල හරිම අවංක අය නම් ක්යමුකෝ බලන්න ඔහෙලගෙ බදු ප්‍රතිපත්තිය ඉලක්කම් සහිතව . එහෙම නැතිනම් ඔහෙත් අඟපුරාම කුහකකම පිරිණු ජෙප්පෙක් හරි සජබේ අනුගාමිකයෙක් විතරයි .

:       10       9

අරවින්ද මොනරවිලFriday, 29 December 2023 07:34 PM

බණ්ඩාරනායක මැතිණියව අවුරුදු විස්සක් තිස්සේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රටේ මහ බැංකුව කඩන තරමට දූෂිත දේශපාලුවෙක්ට සමාන කරන්න තරම් දුර්වල දේශපාලන ශාක්ෂරතාවය ඇත්තෙකුට උත්තර දීම තේරුමක් නැති වැඩක්... නමුත් පාඨකයන් වෙනුවෙන් අපේ බදු ප්‍රතිපත්ති පිනාගේ අමානුෂික මුග්ධ බදු ප්‍රතිපත්තිය නොවන බව නම් සහතික කර කිව හැකියි...

:       0       0

Chandanie Friday, 29 December 2023 06:16 AM

අරවින්ද මැටිතුමා පිනා ආවත් නාවත් රටේ සංවර්ධන වැඩට බදු නොපනවා මුදල් සොයන්න කොහොමද කියලා පැහැදිලි කරන්න මම දන්න හැටියට නම් භාණ්ඩාගාරයට මුහුදින් ඩොලර් පොම්ප වෙන්නෙ නැහැ හැම දෙයක්ම ව්‍යාපාරිකයින් මතම පැටවීම නිසා ඒවාත් කඩාවැටීම වෙනවා ඒත් කියන්න ඕන දේශපාලන වාසිගැනීමට ඇතිකල සමුර්ධි හා අස්වැසුම වගේ අනවශ්‍ය වියදම් වහාම නැවත්වීම කරන්න ඕන දෙවැනි ලෝක යුද්ධය කාලයේ වගේ මාසිකව පිරිසක් සදහා සමුර්ධි දීමනා දැන් අවශ්‍ය නැහැ අවශ්‍ය වෙනවා නම් ඒ වෙනුවෙන් තිබෙන වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත්කර මාසික දීමනා පමණක් දුන්නම ඇති.

:       3       7

Jayantha Thursday, 28 December 2023 08:10 PM

7.5% ඉවත්වෙලා... 18% එනවා. ඒ කියන්නේ තෙල් මිලෙන් 7.5% අඩුවෙලා... 18% වැඩිවෙනවා. ආසන්න වශයෙන් 10.5% ට වැඩිවීමක්...

:       0       2

namal jayaweera Thursday, 28 December 2023 10:34 PM

ඔව් එක අයින් කරලා 18% vat බද්ද එක වෙනුවට ආදේශ කරනවා .

:       0       4

Asela Friday, 29 December 2023 07:17 AM

රට කරවන දේශපාලු, නිලධාරී පැලැන්තිය හිතාගෙන ඇත්තේ රටේ මිනිස්සු ගොන්නු කියල. මේකෙන් ගාන වැඩිවෙනවා නොකියා වැඩි කරලා, තවත් මිනිස්සු ගොන්නුට අන්දන්න එනවා ගනන් අඩු කලා කියල

:       4       8

de silva Friday, 29 December 2023 07:53 AM

ඉන්දන 11.5% කින් වැඩි වෙනව , ගෑස් 15.5% කින් වැඩි වෙනව

:       0       2

Rohana Friday, 29 December 2023 09:59 AM

බදු ගහන එවුන්ට හෙන හතම වැදීයන්!

:       7       7

මරිසිපාල Friday, 29 December 2023 01:26 PM

බදු ගහන්නේ නැතුව රජයක් ගෙනියන්න පුළුවන් කමක් නැත්නම් රෝහන කියපු දේ කියපු කෙනාටම හැරවෙන්නම ඕනෑ...

:       1       5

Pereira Friday, 29 December 2023 12:13 PM

මෙහෙම කරලා ඊළඟට කියාවි වරාය පාඩුවට දුවන්නේ... ඒ නිසා ඊළඟ අයවැය මගින් අඩුකළ 7.5%ක බද්ද නැවතත් ගෙනේවි කියලා හිතෙනවා. මෙහෙම නොකර වරායේ බද්ද එසේම තියෙද්දී අනෙක් බදු 10.5% කින් වැඩි නොකළ හේතු මොනවාද? වරායට ලැබුණත්, වැට් එකෙන් ලැබුණත් ඒවා රජයේ ආදායම් වෙන්නේ නැද්ද? නොදන්නා නිසා අහන්නේ... පැහැදිලි කරන්න...

:       2       7

Rata Perata Friday, 29 December 2023 01:37 PM

මෙතන කොටන සමහර අය ඕන බද්දක් ගහනවට කමක් නෑ වගේ කතාව. ඒත් බැලුවොත් පෙනෙයි තමුන් හරියට බදුගෙවනවද කියලා. ජනතාව බදු ගෙවන්න ඕනෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් බදු මුදල්වලට වෙන්නේ මොකද කියලා අපි හැමෝම දන්නවනේ. රාජ්‍ය පරිපාලන වියදම් වල වියදම් අඩුවීමක් නෑනේ. රට සවාරි යනවා, 30ක් විතර එක්ක යනවා.

:       1       4

බද්රානි Friday, 29 December 2023 02:34 PM

කවුරු මොනවා කීවත් අවසානයේ සිදුවන්නේ, සියලුම භාණ්ඩ වල මිල වැඩිවීමයි.. රාජ්‍ය බදු ආදායමින් පාලකයින් නඩත්තු කරනවා හැර, රටේ ආර්ථික දියුණුවට යමක් සිදුවේ යයි ඔබ විශ්වාස කරනවාද..? හිටපු ජනාධිපතිවරුන්, වර්තමාන ජනාධිපති හා කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ඇමැතිලා, නියෝජ්‍ය ඇමතිලා, පළාත්සභා, ප්‍රාදේශීය සභා, නගරසභා ඇතුළු මේ හැත්ත බුරුත්ත නඩත්තුවට යන වියදම රටකට දරාගත හැකිද..? ඊට අමතරව ඔවුන්ව ආරක්ෂා කිරීමට සිටින ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය වෙනුවෙන් දරන වියදම කොපමණද? ඊටත් අමතරව ජනතාවගේ මුදලින් පෝෂණය වී, පාලකයින් පත්කිරීමේ ප්‍රමුඛ කාර්යය කරන තක්කඩි පූජකයින්ට පාලකයින් විසින් වරප්‍රසාද දෙන්නේත් මේ ජනතාවගෙන් අයකරන බදු මුදලෙන්ම තමයි. මේ කිසිවෙක් රටේ ජාතික නිෂ්පාදනයට රුපියලකින් හෝ දායකත්වයක් ලබා දෙනවද..? ඒ වගේම පාලකයින් පත්කිරීමට දායක වෙන ව්‍යාපාරිකයින්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිසිලෙස බදු නොගෙවීමෙන් රාජ්‍ය බදු ආදායම කොතරම් අහිමි වෙනවාද..? මේක හොර කල්ලියක් අතට පත්වුණු රටක්.. කරන්න දෙයක් නැහැ.. මේ රටේ ඉපදුණු පවට බදු ගෙවාගෙන ජීවත් වෙයල්ලා..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site