
(යොහාන් භාසුර)
ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි.
මෙම සංචාරය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ධූරාවලිය සමඟ අන්තර්ක්‍රියා කිරීම මෙන්ම පුහුණුලාභීන්ගේ දැක්ම පුළුල් කිරීම සඳහා හමුදා ආයතන සහ කාර්මික සංවිධාන සමඟ කටයුතු කිරීමට නියමිතය.
එම නියෝජිත කණ්ඩායම බත්තරමුල්ලේ පිහිටි ස්මාරකයේදී ඉන්දීය සාම සාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමෙන් අනතුරුව ඉන්දීය මහ කොමසාරිස්, එච්. ඊ. ගෝපාල් බග්ලේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එයාර් මාර්ෂල් එස්.කේ පතිරණ සමඟ අදහස් හුවමාරු කර ගැනීමින් සංචාරය ඇරඹිය.
ඉන්දීය කණ්ඩායම ගාල්ල, හම්බන්තොට, දියතලාව, මහනුවර සහ කටුනායක යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිත අතර ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා විවිධ ආයතන සමඟ කටයුතු කිරීමට ද නියමිතය.
ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම‘ ප්‍රතිපත්තිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර ආයතනික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.
මෙවැනි චාරිකා සුහදතාවය ශක්තිමත් කිරීමට සහ කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා ජනතාව සම්බන්ධ කර ගැනීම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටට
Kumar (Gulf) Thursday, 23 March 2023 12:12 AM
ඉන්දියානු යටත් විජිතකරණය සහ ඉන්දියානු ව්‍යාප්ති ප්‍රතිපත්තිය.
අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 06:49 AM
එක එක කතන්දර කියාගෙන රට ඇතුල්ට රිංගාගෙන උන්ගේ වැඩේ කර ගන්න බලනවා. ලෝකය වටේටම ණය උනාහම හැම බල්ලටම ඔලුව පහත් කරන්න සිද්ධවෙනවා. රටකට කරන්න පුළුවන් සියලුම ආකරයේ විනාශයන් දෝහිකමි අඩුවක් නැතුව කෙරුව දුෂ්ඨ අමන පාලකයෝ පිරිසක් මොවුන්.ච
krishna Thursday, 23 March 2023 07:48 AM
විමල්ගෙනුයි...ගම්මන්පිලගෙනුයි අවසර අරංද ඔය එන්නේ...
Ariyathilaka Thursday, 23 March 2023 11:05 AM
ලෝකයේ දරුණුත ම ත්‍රස්තවාදී කාණ්ඩායමක් වන LTTE කොටි සංවිධානය සමඟ යුද්ධ කොට ජය ගත් මෙරට හමුදාවන්ට නම් වෙනත් අයගෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට යමක් තිබේද?. සැබෑම යුද්ධයක් දිනූ වීර වික්‍රම හමුදාවන්ගේ අභිමානය සුරැකෙන ලෙස කටයුතු සිදුවුනොත් ඇති!