IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ ජන හමුවකට සහභාගිවීමට පැමිණෙද්දී, අමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක් විය. වෙඩි තැබීම කළේ උප පොලිස් පරීක්ෂකවරයකු යැයි පැවැසෙයි.

අමාත්‍යවරයා. සිය ආධාරකරුවන් පිරිවරා ගනිමින්, සිය නිල රථයෙන් බසිනු බලා සිටි පොලිස් නිලධාරියා, අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන අයකු බව මූලික පරීක්ෂණවලදී පැහැදිලි ව ඇතැයි ද පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (10)

ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා

Perera Monday, 30 January 2023 01:41 PM

අපේ පොලිස්, හමුදාවල් වල අයට කොහේද එහෙම කොන්දක්..? 

:       8       58

රාලහාමි Monday, 30 January 2023 04:24 PM

අපිටත් ආසයි දියවන්නාවේ ඉන්න ලේ බොන ඌරෝ දෙතුන් දෙනෙක් වත් බාවන්න.... එත් වෙපන්ස් වල බුලට් නැහැනේ.පක්කලිකම් කරන උන්ගේ වෙපන්ස්වල විතරයි බුලට්ස් තියෙන්නේ.නැතිනම් දැනටමත් මේ රට සුරපුරයක් වෙලා. බලමු...

:       5       25

sharm warn Monday, 30 January 2023 01:42 PM

අයියෝ පොලිස් මහත්තයා.. ඔයා වැරැදි රටේ ඉපදිලා තියෙන්නේ අප්පා. ලංකාවේ ඉපදුණා නම් ඔයාට වඩා ගොඩක් කරන්න තිබුණා. එහෙනම් අපි මෙච්චර දුක් විඳින්නේ නැහැ.

:       8       48

Saman Monday, 30 January 2023 01:57 PM

ලංකාවෙ මානසික ආබාධ සහිත පොලිස් නිලධාරින්නම් වෙඩි තියන්නෙ පොඩි මිනිස්සුන්ට. ඇමතිලට දෙකට නැවිල වඳිනව.

:       3       44

fairoos Monday, 30 January 2023 02:22 PM

ලංකාවේ මෙහෙම පොලිස් නිලධාරින් නැහැනේ...? අපිටත් ඉන්නවා ලංකාවේ සෞඛ්‍ය නැතිකරපු ඇමැති කෙනෙක්...

:       0       0

pakeer Monday, 30 January 2023 02:43 PM

ලංකාවෙ නැහැනෙ අප්ප මේවගේ පිස්සො. අන්න නියම පිස්සෝ

:       0       0

Rahul Monday, 30 January 2023 02:44 PM

අපේ හමුදාව,පොලිසියේ ඒ වගේ කෙනෙක් හිටියනං එතුමා අනිවාර්යෙන්ම මේ ලංකාවේ වීරයෙක් හැටියට ඉතිහාස ගත වෙනවා.වෙඩිකන්න ඕන තරම් සුදුසුකම් තියෙන කාලකන්නි දේශපාළුවෝ කීදෙනෙක් මේ රටේ ඉන්නවද?ඒත් අපිට කොහෙන්ද කොන්ද පණ තියෙන පොලිස්කාරයෙක්..?

:       6       21

විජිත් Monday, 30 January 2023 03:25 PM

මෙන්න අපේ රටේ පොලිසියේ " මහත්මයෙකුට " හෝ " මහත්වරුන්ට " අවස්තාවක් ....!!!ඉන්දියාවේ පොලිස් නිලධාරියා කල වාර්තාව බිඳ දමා නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට දැන් ඔබට කාලයයි...ඔබේ දරුවාගේ අනාගතය,ඔබේ පවුල, රටේ දුක් විඳින දහසක් ජනතාව...ලෝකයටම නය කාරියක්වූ ශ්‍රී ලංකා "අම්මා " ...මේ සියලුදේ ගැනම සිතා අතට ගන්න ඔබේ අවිය ...ඉලක්කයටම ගස්සන්න....ඔබ රටට නය නැති රටවැසියෙක්....!!!

:       4       19

PODDA Monday, 30 January 2023 05:18 PM

වෙන රටක කවුරුත් මැරුවා කියලා කාලකණ්ණි සතුටක් ගන්න තරම් පහත් මානසිකත්වයකට වැටෙන්න එපා. අපේ රට විනාශ කළේ දේශපාලකයින් විතරක් නෙවෙයි. නිලධාරිනුත් වගකියන්න ඕනෑ. බළලුන් ලවා කොස් ඇට බාවන අයත් වීරයෝ වෙනවනේ...

:       16       8

ruviniMonday, 30 January 2023 06:14 PM

අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ව ශකබ්ලාෂ් කළානම් මාසයක් අපේ ගෙදර බුරියානි දන්සලක් දෙනවා...

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site