ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස 2.35 ට ආරම්භ විය.
'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය 'වික්‍රම්' ය. 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය 'ප්‍රාග්යාන්' ය.
'වික්‍රම්' ගවේෂණ යානයත්, 'ප්‍රාග්යාන්' රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. සඳුගේ පස ගවේෂණය 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමේ අරමුණය.
ගවේෂණ යානා රැගත් 'ජී.එස්.එල්.වී. මාර්ක් 3' අති ප්‍රබල රොකට්ටුව, ගුවන්ගත කෙරුණේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි 'සතිෂ් ධවාන්' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
'වික්‍රම්' රොබෝ යානය සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. ඉන්පසු 'ප්‍රාග්යාන්' රෝවරය, 'වික්‍රම්' යානයෙන් පිටතට පැමිණ, ඊට පැවරුණු මෙහෙයුම්වල නියැලෙනු ඇත.
ඉන්දියාව, සඳ මතුපිටට රොබෝ යානයක් පතිත කිරීමට උත්සාහ ගන්නා දෙවැනි අවස්ථාව මෙයයි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම 2019 සිදුවුණු අතර, එය අසාර්ථක විය.
ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම සාර්ථක එකකි. 'චන්ද්‍රයාන් 1' කක්ෂීය යානයක් වූ අතර එය සඳුගේ කක්ෂයට සාර්ථකව යැවීම සිදුවිය. සඳ මතුපිට ජල අංශු ඇතැයි ලොවට කීවේ 'චන්ද්‍රයාන් 1' යානයයි.
පසුව නාසා ආයතනය ද ඒ බව තහවුරු කළේය. 2008 දී 'චන්ද්‍රයාන් 1' මෙහෙයුම අවසන් විය.'චන්ද්‍රයාන් 1' සඳ මතුපිටට කඩා වැටීමට සැලැස්වීය.
මේ වනවිට සඳ මතුපිටට රොබෝ යානා සාර්ථකව පතිත කර ඇත්තේ, ඇමෙරිකාව, රුසියාව සහ චීනය පමණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන විශාල ජයග්‍රහණයකි.
(ලුසිත ජයමාන්න)
'චන්ද්‍රයාන් 3' මෙහෙයුම - සජීවී විකාශය YouTube හරහා නරඹන්න
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය රොකට්ටුව සඳට යයි