IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියා - පාකිස්තාන් තරගයට අතිරේක දිනයක්

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (10 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් සම්පූර්ණ තරගයම හෝ කොටසක් හෝ පැවැත්වීමට පසුදින එනම් 11 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.

එම තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් ප්‍රේක්‍ෂකයන්ට අතිරේක දිනයේ ද එම ප්‍රවේශපතෙන්ම තරග නැරඹිය හැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආසියානු ක්‍රිකට් සංගමයේ තරගාවලි කමිටුව එහි සම සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස්වී අද (8) පෙරවරුවේ මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට වර්ෂාව පවතින කාලයක් බව දැන දැනම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙම තීරණයට එළඹ තිබේ.  



අදහස් (0)

ඉන්දියා - පාකිස්තාන් තරගයට අතිරේක දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site