පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය බත්තලංගුන්ඩුව දූපතට නුදුරු ශ්‍රී ලාංකීය මුහුදේ ඉන්දීයා ධීවර යාත්‍රා 50 ක් පමණ අද (28 ) සන්ධ්‍යාවේ ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බවත්,එම නිසා කෙන්දන් පන්නයන් සදහා මුහුදු ගිය බත්තලංගුන්ඩුව ධීවරයන් පෙරළා ගොඩ බිමට පැමිණි බවත් බත්තලංගුන්ඩුව ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව් ඒබට් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දියාවේ ධීවරයින් සමූහයක් එලෙස ධීවර කටයුතුවල නිරතවීමේ දී තම දැල් පන්න එම මුහුදට කිසිසේත්ම යෙදීය නොහැකි බැව් ඒ මහතා පැවසීය. එසේම ඉන්දියන් ධීවරයින් දැල්පන්නවලට අමතර අවි ආයුධ ද රැගෙන එන හෙයින් තම ධීවරයින්ගේ ආරක්ෂාවට ද එය තර්ජනයක් බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
නුදුරු අනාගතයේ දී ඉන්දියන් ධීවරයින්ට කල්පිටිය සමුදුර භාරදී ධීවර රැකියාවෙන් තමන්ට සමු ගැනීමට සිදුවේදැයි සැකසහිත බව ද ධීවරයෝ පවසති.
මේ පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ මෙවණි පැමිණිල්ලක් තමන්ට ලැබුණු බවත් තමා ඒ පිළිබදව අදාළ නිළධාරීන් දැනුවත් කල බවත්ය.
ඒ අනුව නාවුක මුර සංචාරක යාත්‍රා මගින් එම ඉන්දීය ධීවරයින් කණ්ඩායම හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ මසුන් සහිත මඩි කපා දමා ලුහුබැද යාමේ දී පළාගොස් ඇති ඇති බවත් පැවසීය.
මේ අතර බත්තලංගුන්ඩුව ධීවරයින් පවසනුයේ සෑම දින දෙකකට වරක්ම ඉන්දියන් ධීවරයින් විශාල පිරිසක් පැමිණ දේශ සීමා නීති උල්ලංඝණය කරමින් මසුන් අල්ලාගෙන පළා යන බව ය.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය ධීවරයෝ බත්තලංගුඩුව බදු ගනිති
gayan Tuesday, 28 August 2018 11:53 PM
බල ගෙන ගියහම සංහිදියාව උතුරට විතරක් නෙමේනේ. ඉන්දියාවටත් එක්කනේ
සතයපාලWednesday, 29 August 2018 02:27 AM
ගයාන් සංහිදියාව කියන වචනයේ අර්ථය දැනගෙන කතා කරන්න. අනෙක් කාරණය මෙවැනි දේවල් සිදුවුයේ අද ඊයේ නොවේ. ගයාන්ලගේ මහාරජාගේ කාළයේ පවා ඉන්දීය ධිවරයෝ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කලා.
JanakaWednesday, 29 August 2018 10:11 AM
සංහිදියාව කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් කියමුද බලන්න කාටත් දැනගන්න එක්ක. අපි දන්නා විදිහටනම් සංහිදියාව කියන්නේ උතුරේ, විල්පත්තුවේ, මඩකලපුවේ ඉන්න කට්ටියව සතුටු කරන්න නිතිය නැවීම. උසාවියට ගල් ගැහුවට නඩු නෑ. කැලේ කැපුවට නඩු නෑ. සීගිරියේ හානි කලාට නඩු නෑ (රජයේ රස්සාවකුත් දෙනවා), හෙල්මට් නැතුව බයික් පැද්දට නඩු නෑ, පොලිසියට හමුදාවට ගල් ගැහුවට නඩු නෑ, වගේ දේවල්.
sudath Wednesday, 29 August 2018 01:04 AM
යහපාලනය ජාත්‍යන්තරය ජය ගත්තනේ. දැන් දොරේ ගලනවා
samank Wednesday, 29 August 2018 04:34 AM
ලගදීම කියයි ලංකාවම පවරා ගත්ත කියලා.