(ලුසිත ජයමාන්න)
ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානය පස්වරු 6.04 ට සඳට ගොඩබෑම ආරම්භ කරනු ඇත.
යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කරනු ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැහැදිලි කරයි. 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානය සඳට ගොඩබෑමේ සජීවී දසුන් ප්‍රසිද්ධියට පත් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කටයුතු සූදානම් කර තිබේ.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමේ සජීවී දසුන් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විකාශය කරනු ඇත්තේ පස්වරු 5.20 සිටය.
ඉන්දියාව පුරා ප්‍රධාන නගර රැසක පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නරඹනු ඇත.
ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය.
කෙසේ නමුත් එය අසාර්ථක විය. ඒම යානය සඳට කඩා වැටුණි.
'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමින් බව පැවැසෙයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඉන්දීය චන්ද්‍ර යානය සඳට යන්න සූදානම්