(ලුසිත ජයමාන්න)
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇත.
‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසලට නොයයි. යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ.
‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.
ඉන්දීය විද්‍යාඥයන්, ‘ආධිත්‍යා එල් 1’ යානය නිපදවීම ආරම්භ කළේ 2008 වසරේදීය. යානය නිපදවීමට වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 378.53 ක් බව පැවැසෙයි. ‘ආධිත්‍යා එල් 1’ යානය කිලෝ ග්‍රෑම් 400 ක් බරය.
2025 නොවැම්බර් මස 04
190
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ හිරු ගවේෂණ යානය අද පෘථිවියෙන් යනවා
Bunny Preena Saturday, 02 September 2023 09:45 AM
බොහොම සීඝ්‍රෙයන් හැම අංශයකින්ම දියුණුවන රටක්... රටට ආධාර කරන දේශපාලනඥයින් සහ ජනතාව ඉන්නාවූ රටක අනාගතය සුබයි. අපි සැවොම එම තත්වය ළඟාකර ගැනීමට මහන්සි වී වැඩ කරමු.