IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි

(අමදෝරැ අමරජීව )

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් විය.

එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නැමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ.

ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයි මන්නාරමට කිලෝ මිටර් 31.5 ක් අඩුම කාලයක් වන පැය නවයයි විනාඩි 32 යි තත්පර 54 කාලයක් තුල පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මිට කලින් තිබු ලෝක වාර්තාව බිද දමමින් මෙම වාර්තාව තැබු ලාබාලතම සිසුවා ලෙසද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරලිමද විශේෂත්වයක් විය.මිට කලින් තබා තිබු වාර්තාව හා වන වාර්තාව අතර කාලය විනාඩියකි.

බෝට්ටුවකින් ධනුස්කොඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01 දා අළුයම 04:15 සිය ගමන ආරම්භ කර පස්වරු එකයි 47 යි තත්පර 54 කින් මෙම ගමන අවසන් කලේය.වාර්තාව තැබු සිසුවා පිළිගැනිමට හින්දු විදුහලේ විදුහල්පති එන්.පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරැ තලෙයි මන්නාරම් වෙරලට පැමිණ සිටියහ.

 



අදහස් (5)

ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි

රාජවත්ත Sunday, 03 March 2024 11:25 PM

මුහුද පිහිනා තරණය කළ ඔබට ජය වේවා !

:       0       2

pj Monday, 04 March 2024 04:02 AM

මෙවැනි සත් ක්‍රියා පිටුපස කුඩු බිස්නස් කාරයෝ ඉන්න බැරිද?

:       2       1

Ruwan R Monday, 04 March 2024 11:06 AM

සුබ පැතුම් පුතා..

:       0       6

vijaya Monday, 04 March 2024 02:56 PM

සුබ පැතුම්..!

:       0       5

Bamunuarachchi Wednesday, 06 March 2024 09:11 AM

සුබපැතුම්...! ඉස්සර පීනලා ආපු කට්ටිය කිව්වේ කල්ලතෝනි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site