IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාව ලූනු අපනයන තහනම දික් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යාම පාලනය කිරීමටත් දේශීය වෙළඳපොලට ප්‍රමාණවත් වන පරිදි ලොකු ලූනු තොග තිබෙන බව සහතික කිරීමටත් ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.

පසුගිය දෙසැම්බර් මස 8 වැනිදා ඉන්දීය රජය ලොකු ලූනු අපනයන තහනම පැනවූ අතර මිත්‍ර රටවල් සඳහා ඒ ඒ රටවල් සඳහා ලබා ගන්නා විශේෂ අවසරය මත එම රටවල් සඳහා ලොකු ලූනු අපනයනය කිරීමට අවසර ලබා දුන්නේය.

තහනම පැනවූ කාලය තුළදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 64400 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බංගලාදේශය වෙත අපනයනය කර තිබිණ.නමුත් මෙම තීරණය ඇතැම් රටවල වෙළඳපොලවල ලොකු ලූනු මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

 



අදහස් (1)

ඉන්දියාව ලූනු අපනයන තහනම දික් කරයි

Lankabarana Sunday, 24 March 2024 06:42 AM

ලංකාවේ ලොකු ළූණු වවන්න පුළුවන්ද කියලාවත් බලන්නේ නැහැ... වැව්වොත් අල යාන්තම්වත් වේලෙන තුරු නොසිට අලයි, කොළයි දෙකම විකුණන්න කලින්ම උදුරාගෙන විකුණන්න යනවා. ළූණු දවසෙන් දෙකෙන් කුණුවෙනවා. මම නම් කියන්නේ ඉන්දියාව ලංකාවට ළූණු අපනයනය සදහටම නවතනවා නම් ඉතාමත් හොඳයි කියලා. එතකොටවත් කෘෂිකර්ම ඇමැතිවරයා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු නිළධාරි රොත්ත බුරුත්තම එකතුවෙලා ලංකාවේ නිෂ්පාදනය කරන්න උත්සාහයක් ගනීවිනේ. මට දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ බොම්බයි ළූණු නොකියා ලංකා ලොකු ළූණු කියන්න කිව්වේ... ඒ කාලේ ලංකාවට ප්‍රමාණවත් ළූණු නිෂ්පාදනය කරපු නිසා තමයි. එහෙනම් දැන් පාලකයින්ට එහෙම කරන්න බැරි ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site