(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉන්දීය පිල ලකුණු 41 කින් ජය ලැබීම සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී ලකුණු 172 කට සීමා විය.
ශ්‍රී ලංකා පිල ලකුණු 99 කට කඩුලූ 6 ක් දැවී දැඩි අවිනිශ්චිත තත්වයක සිටියදී ධනංජය ද සිල්වා (41) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 42) හත්වෙනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයක රැගෙන ආවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
කුල්දීප් යාදේව් අනගි පන්දු යැවීමක නැවත වරක් නිරතවෙමින් ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත්තේය. දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10යෙදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 40 කට කඩුලූ 5ක් දවා ගැනීමට සමත් විය.
දුනිත්, විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ කේ. එල්. රාහුල් ඇතුළු ඉන්දීය පිලේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් 5ක් දවා ගැනීම කැපී පෙනුණි.
චරිත් අසලංක ඉන්දීය පිලේ මැද පෙළ සහ පසුපෙල අකර්මණ්‍ය කරමින් ඕවර 9 කදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.
ඉන්දීය පිල ඕවර 49.1 යේදී සියලු දෙනා දැවී 213 (රෝහිත් ශර්මා 53, ෂුබ්මන් ගිල් 19, ඉෂන් ක්‍රිෂන් 33, කේ. එල්. රාහුල් 39, අක්ෂර් පටෙල් 26, දුනිත් වෙල්ලාලගේ 40/5, චරිත් අසලංක 18/4) ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 172 (කුසල් මෙන්ඩිස් 15, සදීර සමරවික්‍රම 17, චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ නොදැවී 42, කුල්දීප් යාදේව් 43/4, ජස්ප්‍රිට් බුම්රා 30/2, රවීන්ද්‍ර ජඩේජා 33/2)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව ලකුණු 41 කින් ශ්‍රී ලංකා පිල පරදවයි
Bunny Preena Wednesday, 13 September 2023 09:24 AM
මා කළින් සඳහන් කළ පරිදි මුලින් පන්දුවට පහර දෙනවා නම් අඩුම ගානේ අපි ලකුණු 300 සීමාව ඉක්මවා යායුතුයි. ලකුණු හඹායාමේදීද පළමු පෙළ පිතිකරුවන් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ඉනිම ගොඩනගාගැනීම කළ යුතුයි. දක්ෂ වුණාට වැඩක් නැහැ. දක්ෂව සහ උපායශීලීව සහ බුද්ධිමත්ව ක්‍රියාකිරීමට හැකියාව නැත්නම්. ඒ වගේම පන්දුවාර ඕනෑතරම් ඉතිරිව, පන්දුව ස්ථානගත කර තනි ලක්ණු ගැනීමට පවා හොඳටම අවස්ථාව තිබියදී තරගය ඉක්මණින් ඉවර කර ගැනීමට ක්‍රීඩාකරන බවකුයි පෙනෙන්නට තිබුණේ. අනෙක් කරුණ තමන්ගේම විශ්වාසයක් නැතිකම... දුනිත් වෙල්ලාල තරුණයාගේ ක්‍රීඩා විලාශය උදාහරණයකට අරන් අඩුපාඩු හදාගත්තොත් හොඳයි. ඉදිරියට යන්න පුළුවන්...
Twelth man Wednesday, 13 September 2023 12:35 PM
ළකුනු ගහන්නෙ නැති දසුන් චානක ටීම් එකේ තියාගන්නෙ ඇයි??