ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ වැසියන්ට සහන ලබා දීමේ අරමුණින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.
තව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව දිළිඳු පවුල්වල කාන්තාවන්ට ගෑස් සිලින්ඩර් ලබා දීමේ ‘උජ්වාලා යෝජනා ක්‍රමය’ ආරම්භ කර ඇති බව පැවැසෙයි.
‘උජ්වාලා යෝජනා ක්‍රමය’ යටතේ, ප්‍රතිලාභීන් ට වසරකට ගෑස් සිලින්ඩර් 12 ක් දක්වා ලැබෙනු ඇති අතර, එක් සිලින්ඩරයකට ඉන්දීය රුපියල් 200 ක සහනයක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.
ඒ අනුව, මුම්බායි සහ දිල්ලි නගරවල කිලෝ ග්‍රෑම් 14.2 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 1,003 ක් වන අතර ‘උජ්වාලා යෝජනා ක්‍රමයේ‘ ප්‍රතිලාභීන්ට ලැබෙන රුපියල් 200 ක සහනයක් යටතේ ඉන්දීය රුපියල් 803 ට ගෑස් සිලින්ඩර හිමි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් පසුගිය 21 වැනි දා පෙට්‍රල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 8 කින් ද ඩීසල් ලීටරයකට පනවා තිබූ බදු රුපියල් 6 කින්ද අඩු කල බව නිවේදනය කර තිබේ.
ඒ හේතුවෙන් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9.5 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් ද අඩු වනු ඇතැයි පැවසුවාය.
ඒ අනුව, දිල්ලි නගරයේ පෙට්‍රල් ලීටරයක නව මිල ඉන්දීය රුපියල් 96.72 වනු ඇති බවත් ඩීසල් ලීටරයක නව මිල 89.62 වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ (23) වන විටත් නව මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කර නොතිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ඉන්ධන-ගෑස් සහන
wahaldeepe Wednesday, 25 May 2022 12:53 AM
දන්නවද තෙල් මාෆියාව ගැන..?. ඉන්ධන හල් අසල ඉන්න නිකමුන්... මේ අය තෙල් එකතු කරනවා. තෙල් දුන්නාට සමාන්‍ය ජනතාවට තෙල් ලැබෙන්නේ අඩුවෙන්... මේ මෝඩ පාලකයින්ව දැනුවත් කරපල්ලා. උදා : නිවසක පෙට්‍රල් ලීටරයට වඩා තිබුණොත් 100000 ක් දඩ කියලා...!