
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් යන ත්‍රස්තවාදී සංවිධානවල බළකොටුද තිබෙන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද(07) අලුයම 1.44 ට පමණ එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.
ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇතැයිද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් ප්‍රහාරක ජෙට් යානා 2 ක් බිම දමා ඇත්තේ ඉන්දීය භූමිය තුළදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්
fairoos Wednesday, 07 May 2025 10:50 AM
ඩොනල් ට්‍රම්ප්ට තමයි වාසි