IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ඉන්දියාවෙන් පාකිස්තානෙන් බිත්තර ගේන්න අවසර නෑ‘‘

(ෂේන් සෙනෙවිරත්න සහ සුජිත් හේවාජූලිගේ)

ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමාන පිරිවැය සලකා බැලීමේදී රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් අතට බිත්තරයක් පත් කළ හැකි බවත් නිෂ්පාදන වියදම ප්‍රකාශයට පත් පත්කිරීම මාසිකව සිදු කෙරුණත් වෙළඳපොලේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල්කර ගනිමින් එම නිෂ්පාදන මිල සතිපතා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය .

මහනුවර ගන්නෝරුවේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් මෙසේ පැවසීය .

වෙළඳපොලේ පවතින බිත්තර මිල හා සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් සතිපතා මෙය ප්‍රකාශ කිරීමට තීරණය කළත් වෙළඳපොලේ බිත්තර මිල තීරණය කරනු ලබන්නේ පාරිභෝගික අධිකාරිය මගිනුයි .

බඩ ඉරිගු කිලෝ වක මිල 250 සිට මේ වන විට රුපියල් 152 ක් දක්වා පහත බැස තිබෙනවා . ඉදිරියේ දී බඩඉරිඟු අස්වැන්න ලැබීමට නියමිතව තිබෙන බැවින් බිත්තර නිෂ්පාදන මිළ තවත් පහළ යනු ඇති කියා සිතනවා .

පසුගිය මාස 06 ක කාලය තුළ ඉන්දියාවේ මෙන්ම පකිස්ථානයේ ද කුරුළු උණ රෝගය පැවැති බැවින් එම රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු ලෙසකින් වත් අවසර දිය නොහැකියි .

අවශ්‍ය නම් කුරුළු උණෙන් තොර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව, ඇමරිකාව වැනි රටවලින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු බාධාවක් නැහැ .

 



අදහස් (8)

‘‘ඉන්දියාවෙන් පාකිස්තානෙන් බිත්තර ගේන්න අවසර නෑ‘‘

Perera Thursday, 12 January 2023 08:28 AM

ලංකාවේ සමහර මෝඩයින් හිතන් ඉන්නේ බිත්තර තම්බපුවහම කුරුළු උන ප්‍රශ්නයක් නැහැ කියලා

:       5       0

Bamunuarachchi Thursday, 12 January 2023 09:25 AM

එහෙනම් ලංකාවේ බිත්තර කාරයෝ සෞක්‍ය උන්දැට සලකලා වගෙයි. මී උණ තිබෙන රටේ කුරුළු උණත් උණක්ද? ඉන්දියාවේ කුරුළු උණක් තිබෙන බව අපි අහලා නැත. මේ කෙරෙන්නේ මගෝඩි වැඩක්. ලංකාවට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන පළමු වතා මෙය නොවෙයි. 1950 ගණන් වලත් බිත්තර ගෙන්වූවා . ඒකාලේ බිත්තරයක් සත 15 පමණ උනා.

:       7       15

PereraThursday, 12 January 2023 10:32 AM

මෝඩයෝ ,කුරුළු උන වයිරසය මිනිස්සුන්ට හැදෙන්නේ නැහැ.වයිරසය බිත්තර මගින් රට ඇතුලට ආවොත් ලංකාවේ මුළු කුකුළු ගොවිපල සියල්ලක්ම විනාශ වෙන්න පුළුවන්

:       6       4

BamunuarachchiThursday, 12 January 2023 05:30 PM

ඉතින් මෝඩයෝ, රටට වැඩක් නැති බිත්තර ගොවිපල් නිසා නේද අපිට බිත්තර පිටරටින් ගෙන්වන්න සිද්ද වෙන්නේ? ඉතින් මොකටද ඒ බිත්තර ගොවිපලවල් තියාගෙන රකින්නේ...?

:       0       1

අමාThursday, 12 January 2023 10:36 AM

හෙට අනිද්දට, මෙයා V8 වලින් යනව බලන්න පුලුවන්

:       0       11

BamunuarachchiThursday, 12 January 2023 05:40 PM

තමන්ගේ අදහස් භය නැතුව කෙලින් ප්‍රකාශ් කරන කොට V 8 හම්බ වෙනවාද? මට V 8 ඕනේ නැහැ PORSCHE 911 GT 3 එකක් තිබෙනවා.

:       0       1

dilan Thursday, 12 January 2023 09:57 AM

මෙ මනුස්සයත් බිජු සන්ගමයෙන් හොද ජරාවක් කාල වගෙයි.

:       1       8

කසුන් Thursday, 12 January 2023 10:41 AM

හේමාලිටත් බිත්තරයක් බස්සලා එයාලා එහෙනං, අම්මෝ සවුක්කිය නොම්බර එකට සලකන අමුතු ඇටේ ටෝක්ස්. ලෙඩා මලත් බඩ සුද්දයි හරිය!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site