IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවට කඩුලූ 8 ක පහසු ජයක්

එංගලන්තයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේද පාකිස්තානය පරදවා (ඩක්වර්ත්/ලූවිස් න්‍යාය අනුව) කඩුලූ 8 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දීය පිල ලකුණු 166 ක ඉලක්කයක් හඹා යමින් සිටියදී ඇද හැළුණු වර්ෂාව නිසා ඩක්වර්ත් / ලූවිස් න්‍යාය අනුව ඉන්දීය පිලේ ජයග‍්‍රාහී ඉලක්කය  ඕවර 22 කදී ලකුණු 102 ක් ලෙස සංශෝධනය කරන ලදි.  ඕවර 19.1 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල  ඕවර 39.4 කදී ලකුණු 165 කට දැවී ගියේය.

පාකිස්තානු ඉනිමේ 20 වැනි  ඕවරය ආරම්භ වීමට පෙර ඇදහැළුණු වර්ෂාව නිසා නතර කරන ලද තරගය පසුව එක් පිලකට  ඕවර 40 ක් සේ වන සේ ආරම්භ කරන ලදි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර පාකිස්තානු පිල මුල සිටම අමාරුවේ වැටිණ. ලකුණු 56 කට කඩුලූ 3 ක් බිඳ වැටීමෙන් අසරණ වූ පාකිස්තානු පිල වෙනුවෙන් යම් තරමක හෝ සටනක් දුන්නේ අසාඞ් ෂෆීක් (41) පමණි. පාකිස්තානු පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී ඉන්දීය පන්දු යවන්නෝ සිවු දෙනෙක් කඩුලූ දෙකක් බැගින් දවාගත්හ.

ඉන්දීය කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සහභාගි වූ තරග තුනම ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර තරග තුනම පරාජය වූ පාකිස්තානු පිල තරගාවලියෙන් ඉවත්ව ගියේය.

පකිස්ථාන කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම

පකිස්ථානය

නසීර් ජම්ෂෙඞ් - ඇ. රයිනා ප. කුමාර්  2
කම්රන් අක්මාල් - ඇ. කෝලි ප. අශ්වින්  21
මොහොමඞ් හෆීස් - ඇ. දෝනි ප. කුමාර්  27
අසාද් ශාෆීක් - ඇ. දෝනි ප. ඉෂාන්ත් ශර්මා  41 
මිස්බා -උල්- හක් - ප. ජදේජා  22 
ෂොයිබ් මලික් - ක.මු.කළා ප. ජදේජා  17
උමාර් අමීන් - නොදැවී  27
වහබ් රියාස් - ප. අශ්වින්  0
සයීඞ් අජ්මාල් - ඇ. රෝහිත් ශර්මා ප. ඉෂාන්ත් ශර්මා  5
ජුනයිඞ් ඛාන් - දුවද්දී දැවී ගියා  0
මොහොමඞ් ඉර්ෆාන් - දුවද්දී දැවී ගියා  0
අතිරේක     3
එකතුව  ඕවර 39.4 කදී සියළු දෙනා දැවී   165

කඩුලු වැටීම : 1-4, 2-50, 3-56, 4-110, 5-131, 6-139, 7-140, 8-159, 9-159, 10-165

පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 8-2-19-2, උමේෂ් යාදව් : 6.4-0-29-0, ඉෂාන්ත් ශර්මා : 7-0-40-2, රවිචන්ද්‍රන් අශ්වින් : 8-0-35-2, විරාට් කෝල : 2-0-11-0, රවින්ද්‍ර ජදේජා : 8-1-30-2

ඉන්දියාව

රෝහිත් ශර්මා    -    ඇ. මිස්බා -උල්- හක් ප. සයීඞ් අජ්මාල්     18    
ශීකාර් ධාවන්    -    ඇ. නසීර් ජම්ෂෙඞ් ප. වහබ් රියාස්     48    
විරාට් කෝලි    -    නොදැවී     22
දිනේශ් කාර්තික්    -    නොදැවී     11
අතිරේක              3
එකතුව  ඕවර 19.1 කදී කඩුලූ 2 ක් දැවී      102

කඩුලු වැටීම :  1-58, 2-78

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, සුරේෂ් රයිනා, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම : මොහොමඞ් ඉර්ෆාන් : 4-0-24-0, ජුනයිඞ් ඛාන් : 4-0-21-0, සයීඞ් අජ්මාල් : 5-0-29-1, මොහොමඞ් හෆීස් : 2.1-0-08-0, වහබ් රියාස් : 4-0-20-1

 



අදහස් (0)

ඉන්දියාවට කඩුලූ 8 ක පහසු ජයක්

තාරක Saturday, 15 June 2013 04:50 PM

ඉන්දියාව දිනනවාට මම නම් කැමති නැහැ

:       0       0

තුෂාන් Sunday, 16 June 2013 09:49 AM

අනේ මන්දා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site