IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්දියන් සාගරය තනි බලයකට යට නොවන්න සැලසුමක් අවශ්‍යයයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටුවහලක් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ පැවැති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමිනි. 

මෙහිදී ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණ.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ වාර්ෂික ග්‍රන්ථයේ පළමු මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් ඩී. ජී. එස්. සෙනරත් යාපා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණ.



අදහස් (0)

ඉන්දියන් සාගරය තනි බලයකට යට නොවන්න සැලසුමක් අවශ්‍යයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site