IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්ඩි ගෝ යානයක් මහා කුණාටුවකට හසුවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දිල්ලි සිට කාශ්මීරයේ ශ්‍රීනගර් බලා පියාසර කළ ඉන්ඩි ගෝ  ගුවන් යානයක් දැඩි කුණාටු තත්වයකට හසුවී විනාඩියක් තුළ අඩි 8500 පහළට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් යානය දැඩි කුණාටු තත්වයකට හසුවීම හේතුවෙන් අනතුරු ඇඟවීමේ සංඥා කීපවතාවක් නාදවී ඇති බවත් ඉන් ගුවන් යානයේ ඉදිරිපසට හානි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

එම අවස්ථාවේ මාර්ගයට වෙනස් කිරීමට කෙටි වේලාවකට පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළුවීමට ගුවන් යානය අවසර ඉල්ලා ඇතත් පාකිස්තානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කුණාටුවට හසුවන අවස්ථාවේ අඩි 36,000 ක් මගින් 220 රැගෙන පියාසර කරමින් තිබී ඇත. කෙසේ නමුත් යානයේ ගමන් ගත් කිසිවකුට ඉන් අනතුර සිදුව නොමැති අතර කුණාටුව මධ්‍යයේ ගුවන් යානය ශ්‍රීනගර් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

 



අදහස් (2)

ඉන්ඩි ගෝ යානයක් මහා කුණාටුවකට හසුවෙයි

ගුණරත්න Friday, 23 May 2025 06:29 PM

හදිසි ආපදා අවස්ථාවකදී ලෝකේ ඕනෑම ශිෂ්ඨ රටක් මගී ගුවන්යානයකට ගොඩ බස්වන්න අවසර දෙනවා, ඒත් ත්‍රස්තවාදීන් එහෙම නැහැ. කොමියුනිස්ට් මානසික ලෙඩ්ඩුත් එහෙම ගුවන් යානයක් බැස්සුවොත් හැම එකාම අපරාධකරුවෙක් විදියට සලකලා හිරිහැර කරපු සිදුවීම් ඉතිහාසේ තියෙනවා. පාකිස්තානය කරපු දේ නින්දිතයි. තුච්ඡ අධම වැඩක්...

:       3       23

ගාමිණී Saturday, 24 May 2025 03:50 PM

පකිස්ථානය... ඉන්දියාවෙන් ඔවැනි අවස්ථාවක අවසර ඉල්ලූවත් ඔච්චර තමයි. ඉන්දියාව තමයි ලොකු හයියක් අරන් පකිස්තානයට කෙටුවේ. ඕවා ඉන්දියාව බලාපොරොත්තු වෙන්න ඕනේ... නැද්ද හා පුළුවන්...!

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site