IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉදිකිරීම් නිලධාරීන් 33කට කෝටි ගාණක දීමනා

(සුජිත් හේවාජුලිගේ )

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් තිස් තුන් දෙනකුට අවස්ථා හයකදී ස්ථිර තනතුරට  හිමිවන වැටුපට අමතරව රුපියල් කෝටියකට ආසන්න මුදලක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට පටහැනිව 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙයට අමතරව එම මුදලට අදාළව සේවක අර්ථසාධක සහ බාරකාර අරමුදල් සඳහාද ලක්ෂ 14කට වැඩි මුදලක්  ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ බාහිර පාර්ශ්වයන් වෙතින් සංවිධානයට ලැබෙන නායයෑම් අවදානම් අවම කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තු සඳහා සම්බන්ධ වූ නිලධාරින් පිරිසකටය.

මේ අතර නායයෑම් සමීක්ෂණය සඳහා 2020 වර්ෂයේදී  ලැබී තිබූ ඉල්ලුම්පත් 7879කින් අවදානම් තක්සේරු වාර්තා  නිකුත් කර තිබුණේ 4162ක් පමණක් බව විගණන  නිලධාරීහු පවසති.

තවද නායයම් විස්ථාපන හඳුනාගැනීමේ පද්ධති වෙනුවෙන් 2015  වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට  ලැබී තිබුණු රුපියල් හැත්තෑ හය ලක්ෂයක පමණ මුදලක්ද මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබූ රුපියල් පනස් ලක්ෂයක පමණ මුදලක්ද  2020 දෙසැම්බර් 31 වනවිටත් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.



අදහස් (2)

ඉදිකිරීම් නිලධාරීන් 33කට කෝටි ගාණක දීමනා

ab Tuesday, 14 March 2023 04:20 PM

වාවු !

:       0       1

Gampaha Darane Wednesday, 15 March 2023 04:42 AM

නාය යාම උනානම් වෙන පාඩුවටත් වැඩි ගානක් වෙන්ඩ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site