IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලි හොර පාර අහුවේ

ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස  ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් ඩුබායි හිදී  පිටුවහල් කර ආපසු මෙරටට එවා තිබියදී කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබී්‍ය.

මොහු යාපනයේ පුදුකුඩුඉරුප්පුහි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු පසුගිය එකොලොස්වෙනිදා ඩුබායි බලා මෙරටින් පිටව ගොස් ඇත. එරට ගුවන්තොටුපළ බළදාරීන් විසින් ඔහුගේ වීසා පරීක්ෂා කරද්දී එය ව්‍යාජ වීසා ස්ටිකරයක් බව අනාවරණය වීමෙන් පසු  එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඔහු ආපසු එවා තිබුණි.

මින් පෙර පසුගිය සතියේදීද ඩුබායි හා කටාර් හරහා හරහා ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයින් තිදෙනෙක් මේ අයුරින්ම  පිටවුහල් කොට ආපසු එවා තිබුණි.

 



අදහස් (0)

ඉතාලි හොර පාර අහුවේ

සෙනෙවිරත්න Saturday, 14 February 2015 12:22 PM

ඩුබායි වල ආගමන විගමන ඉතාම සුක්ෂම ක්‍රම වලින් සමන්විතයි. පුත්ගලයෙක්ගේ ඇස් වල කළු ඉංගිරියාව පවා ඉස්කන් කරනවා රටට ඇතුල් වෙනකොට. ලෙහෙසියෙන් එන්න බැ. ක්‍රෙඩිට කාර්ඩ් එකක් පවා නොගෙවා රටින් පිට යන්න බැහැ. (හේ)

:       0       0

නදීක Saturday, 14 February 2015 02:26 PM

විකුම් සහ සෙනවිරත්න දෙන්නම කියන දේ ඇත්ත. එ්කෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරින් ගේ තියෙන විශාල අඩුපාඩු නේද.? අපේ අය මුදලට යට වෙලත් ඔය වැඩ කරනවා නේද මේවා ගැන බලන්න නිලධාරින් නැද්ද ? ලංකාවේ තාක්ෂනය යල් පැනලද.? මෙවැනි තැන් ඉතාම සුරක්ෂිත විය යුතුයි. ලංකාවේ පුරවැසියෙක් හැටියට හරිම කනගාටුයි ලංකාවේ ගුවන් තොටුපොල ගැන. (නදී)

:       0       0

ප්‍රාන් Saturday, 14 February 2015 03:40 PM

සල්ලි දුන්න නම් අපේ ගුවන් තොටුපලේ කට්ටිය ප්‍රබාකරන් වත් රටින් පිට කරනවා. (නදී)

:       0       0

ලංකා Saturday, 14 February 2015 09:49 PM

අපේ රටේ පවතිනුයේ නීතියේ ආධිපත්ය්‍යද? නිලධාරි ආධිපත්ය්‍යද? දේශපාලන ආධිපත්ය්‍යද? මේවායේ ප්‍රතිශතය ගැන විමසිල්ලෙන් බලන්න (නදි)

:       0       0

නිහාල් Saturday, 14 February 2015 07:07 AM

මෙවැනි දේවල් වලින් අපහසුතාවයන්ට පත්වන්නේ ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ය. නීතිවිරෝධී වැඩ කරන මෙවැන්නන්ට දැඩි දඬුවම් දියයුතුයි (නි).

:       0       0

සදුනි Sunday, 15 February 2015 10:24 PM

මම නම් හිතන්නේ ශ්‍රී ලංකා රේගුවේ ඇති තාක්ෂණයේ ( නවීන තාක්ෂණය යොදා නොගැනීම ) දෝෂයක් නිසා මොවුන් ලංකාවේදී හසු නොවුණේ. (අ)

:       0       0

විකුම් Saturday, 14 February 2015 08:36 AM

ඕක ව්‍යාජ විසා එකක් කියල ලංකාවේ ආගමන විගමන නිලධාරීන්ට හා එමිරේට්ස් ගුවන් සේවයේ චෙකින් කවුන්ටර්ස් වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට නොපෙනුනේ ඇයි? කටුනායක ගුවන් තොටුපොළේ බලධාරීන් නොදැනුවත්ව මේවා සිදුවන්නේ නැහැ. මුලින්ම අධාල නිලධාරීන්ව නිතිය හමුවට පමුණුවන්න.(නදී)

:       0       0

දුෂ්මන්ත Saturday, 14 February 2015 09:38 AM

ඩුබායි වලදී අහු උනා නම් අනිවාර්යෙන්ම ලංකාවෙදි පගාව දිල යන්න ඇති. ඉස්සරලම කටුනායක ඉන්න හොරු අල්ලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site